අර්ජුන් මහේන්ද්‍රන්ව හොයන්න වගේ පොලීසිය පැන්නේ – දුමින්ද නාගමුව (VIDEO)

Date:

මේ වන විට ආණ්ඩුව උත්සහ කරමින් සිටින්නේ මර්දනයේ භීතිය පැතිරවීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (29) උදෑසන හදිසියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි කාර්යාලයට පොලීසිය කඩා වැදීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.

අගෝස්තු 15න් පසු ඉන්ධන ගෙන්වීම ගැන හෝ කිසිදු සැලැස්මක් නොමැති තත්ත්වයක් ආර්ථික ප්‍රශ්න කළමනාකරණය කරගැනීම වෙනුවට මහජන නැගිටීම මර්දනය කිරීම සඳහා භීතිය ඇති කිරීම සිදුකරමින් සිටින බවයි නාගමුව මහතා කියා සිටියේ.

නුගේගොඩ මෙල්ඩන් පෙදෙසේ තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද උදෑසන 07.30ට පමණ සිවිල් ඇඳුමින් පිරිසක් සහ පොලිස් නිල ඇඳුමින් එක් නිලධාරියෙක් පැමිණ එම කාර්යාලය සම්පූර්ණයෙන් පරීක්ෂාවට ලක්කර තිබුණි.

ඔවුන් කුමන පොලිස් ස්ථානයෙන් පැමිණියේද යන්න සහ සොයන්නේ කවුරුන්ද? කුමක්ද? යන්න පක්ෂ කාර්යාලයේ සිටි අයට පවසා නැති අතර ඔවුන් ගිය පසු නැවත මිරිහාන පොලීසියේ නිලධාරීන් පරීක්ෂාව සඳහා වන අවසර පත්‍රයක්ද රැගෙන එම පක්ෂ කාර්යාලය පැමිණ තිබෙන අතර එහි සඳහන්ව තිබී ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා වූ වරෙන්තුවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...