*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පොදු රඳ මඩුළු කෙළි උළෙලේ අද දවසෙ ලංකාවේ සහභාගීත්වය

එංගලන්තයේ බර්මින්ග්හැම් හී පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අද දිනයේදී ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රගර් කණ්ඩායම් ද,කාන්තා සහ පිරිමි 3×3 පැසිපන්දු කණ්ඩායම් ද තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික කණ්ඩායම අද දිනයේදී එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.පිරිමි සත් සාමාජික රගර් කණ්ඩායමද අද තරග වැදීම ආරම්භ කරන අතර ඒ නවසීලන්තයට එරෙහිවය.

කාන්තා පැසිපන්දු කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ කෙන්යාවට එරෙහිවය.පැසිපන්දු පිරිමි කණ්ඩායම තමන්ගේ පළමු තරගයට සහභාගිවෙන්නේ ස්කොට්ලන්තයට එරෙහිවය.

ඊට අමතරව කිලෝ ග්‍රෑම් 63 බර පංතියෙන් බොක්සිං තරග බිමට පිවිසෙන සංජීව බණ්ඩාර,ස්කොෂ් පිරිමි තරග අංශයෙන් රවිඳු ලක්සිරි,ෂමිල් වකීල් සහ කාන්තා අංශයෙන් යොහානි කුරුප්පු ද තරග බිමට පිවිසෙති.පිහිණුම් තරග සඳහ තරග වදින අකලංක පීරිස් මීටර් 50 සමනල ආර තරග අංශයෙන් ද,ජල කරණම් තරග අංශයෙන් මීටර් 1 සහ 3 අංශවලින් දුලංජන් ප්‍රනාන්දු ද අද තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම ද අද දිනයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීම ආරම්භ කිරීමට නියමිතය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan