*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

`අරගලයේ` පසමිතුරු සන්ධානය මෙන්න ! – තාරක ලියයි 

අරගලය යන විශේෂ නාමයෙන් යළි වර නැගුණු සමස්ත සටන් ක්‍රියාදාමයේ ගෝල්ෆේස් කේන්ද්‍රීය ක්‍රියාමාර්ග පෙළගැස්ම ගැන පුළුල් විග්‍රහයක් ඉදිරියේදී ගෙන එන්න අප සූදානම්. එහෙත් තවමත් ඒකට වෙලාව වැඩියි. ඒ නිසා තාරක හිතනවා, ඊට පෙර, අරගලයේ පසමිතුරු සන්ධානය ගැන ටිකක් කතාකරන්න ඕන කියල. 

“අටවැනි විධායක ජනාධිපති වීම සඳහා ලෝකේ නැති උගුල් අටවන – ලෝකේ නැති ගේම් ගහන – ජනමතය ගැන වගේ වගක් නැති – පළමුවැනි විධායක ජනාධිපතිකම දැරූ ජයවර්ධනගේ බෑනා වන රනිල් වික්‍රමසිංහගේ ජනතා ද්‍රෝහී උද්දච්ඡ දේශපාලනය ආපසු හැරවිය යුතුයි. අරගලයේ දෙවැනි පියවර ඒක මිසක් වෙන මොකක්වත් නෙමෙයි. “ අපේ අවසන් සටහනේ අපි එහෙම ලිව්වා. 

අන්න ඒ දෙවැනි පියවර තමයි මේ උදාවෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ තනියම නෙමෙයි ඉන්නේ. බැසිල්ගේ සියලු පරාජිත සේනාංක රනිල්ගේ පිටිපස්සේ මුවා වෙලා ඉන්නේ. සනත් නිශාන්තලා දවසට එක බැගින් වගේ උද්දච්ඡ කතා මාධ්‍යයට නිකුත් කරමින් ඉන්නේ රනිල්ගෙන් වහනය වෙන බැසිල් ගන්ධය ආඝ්‍රහණය කිරීමේ තෘප්තිය ඇතුව. 

සාගර කාරියවසම්ලාට තිස්ස කුට්ටිලාට ජයන්ත කැටගොඩලාට දොළ පිදේනි හම්බවෙන්නේ රනිල් ජනාධිපති වීම පිටුපස ක්‍රියාත්මක වෙච්ච බැසිල් හස්තය නිසා කියන එක නොතේරෙන්න නම් දේශපාලන බබ්බු වෙන්න ඕන. ජනමතය තඹ දොයිතුවකට මායිම් නොකර, වික්‍රමසිංහ මොනතරම් නිරුවත් දේශපාලන ගේමක්ද ගහල තියෙන්නේ කියන එක `කොක් සුදක් වගේ` පැහැදිලියි. 

කුප්‍රකට බැසිල් පිළ රනිල් එක්ක ප්‍රසිද්ධියේ දීග කනකොට කුප්‍රකට බැසිල් විරෝධී පිළ මොකද කරන්නේ ? ඒ ගොල්ලෝ උඩිනුයි යටිනුයි දෙකෙන්ම දීග කනවා. සුසිල් විජේදාස වගේ බැසිල්ව පතුරු ගහපු උන්නැහේලා බැසිල් ආශීර්වාදයෙන් ආව රනිල් යටතේ ඇමතිකම් දරන්නේ කොහොමද ? බොරු බයිලනේ. ඔය ඔක්කොම අඩුවැඩි වශයෙන් රාජපක්ෂ බල ව්‍යාපෘතියේ ඉත්තෝ සහ ගැත්තෝ. 

අරගලයේ පසමිතුරු සන්ධානයට අලුතෙන්ම එකතු වෙලා ඉන්නේ වීරවංශ. එයා මුල ඉඳන්ම අරගලයට කෝචෝක් කර කර තමයි හිටියේ. දැන් එයා කෝචෝක් ලෙවල් එකේ ඉඳල රනිල් වික්‍රමසිංහගේ හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කරන ලෙවල් එකටම `සංවර්ධනය` වෙලා. ඔව්.. ඔව්.. අර එයාම කියපු දේශද්‍රෝහී දොන් ජුවන් රනිල් ධර්මපාල වික්‍රමසිංහගේ හදිසි නීතියට දේශප්‍රේමී වීරවංශ පක්ෂ වෙලා. 

සමාජයේ සැබෑ දේශපාලන පසමිතුරන් එක ලයින් එකකට ගෙනාපු එක තමයි අරගලයේ විශාලතම ජයග්‍රහණය. ජොනීලා සනාලා ප්‍රසන්නලා වීරවංශලා සුසිල්ලා විජේදාසලා ඔක්කොම් රනිල්ගේ තුරුල්ලේ. ඉතිහාසයේ නිර්ලජ්ජිතම අශුද්ධම දේශපාලන සන්ධානය අරගලය ඉදිරියේ නිර්මාණය වෙලා ඉවරයි. හැබැයි මතක තියාගන්න.. මේ දත්සෙට් එක හෙල්ලි හෙල්ලි තියෙන්නේ. 

ජූලි නවය මුෂ්ටි ප්‍රහාරය සෙල්ලම් එකක් නෙමෙයි. අටවන ජනාධිපති අටවාගෙන ඉන්නේ හෙල්ලෙන ආණ්ඩුවක්. මේක වට්ටන එක අමාරු නැහැ. හැබැයි ඒක ජූලි නවය ක්‍රමෝපාය නෙමෙයි. මෙන්න මේ පසමිතුරු සන්ධානයේ ඇත්ත ප්‍රතිවිරෝධතා ටික එකිනෙක හප්පමින් මොළෙන් ගහන්න ඕන ගේමක් තමයි දැන් අරගලය ඉදිරිපිට තියෙන්නේ. ඔහොම යන් ටිකක් !

මුළින්ම මර්දනයට එරෙහිව සංවිධානය වෙලා තමන්ගේ ආරක්ෂාව තර කරගන්න ඕන. ඒ ගමන්ම නව වටයකින් වඩාත් හොඳින් සංවිධානය වෙන්න ඕන. වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව මවන්න හදන ව්‍යාජ භීෂණය හෙළිදරව් කරන්නත් ඕන. දස ගුණයකින් ස්මාට් වෙලා විවේක බුද්ධියෙන් හිතල කල්පනා කරලා අරගලයට අවතීර්ණ වෙන්න ඕන. එච්චරයි.

– තාරක 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan