ශ්‍රී ලංකාව S&P ‘හුවමාරු සහ පරිවර්තන’ ශ්‍රේණිගත කිරීමෙන් ඉහළට

ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අමෙරිකාවේ S&P (Standard & Poor’s) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව ආයෝජක විශ්වාසය තහවුරු කරන ‘හුවමාරු සහ පරිවර්තන දර්ශකයෙහි’ ශ්‍රේණිගත කිරීමේ වර්ධනයක් අත්පත් කරගෙන තිබේ.

ඒ අනුව, මෙතෙක් පැවති ‘CCC+’ ශ්‍රේණිගත කිරීම ‘B-‘ දක්වා ඉහළට පැමිණ ඇති බවයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

මෙම දර්ශකය මගින් ගණනය කරනු ලබන්නේ විදේශීය ආයෝජකයෙකුට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඉන් උපයන ලාභය නැවත සිය රට වෙත රැගෙන යාමට ඇති හැකියාව, අවශ්‍යතාව පරිදි මුදල් ආපසු රැගෙන යාමේ හැකියාව මෙන්ම ලබාගත් ණය පොලී ආපසු ගෙවීම සඳහා දේශීය මුදල් විදේශීය මුදල් බවට පරිවර්තනය කරගැනීමට ඇති ඉඩකඩ ය.

2022 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයට අනුව දැඩි අවදානම් කලාපයක පැවති බැවින්, මෙම නව ඉහළ යාම ආර්ථිකයේ සාධනීය හැරවුම් ලක්ෂ්‍යයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...