ශ්රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පස්වරුවේ පැවැත්වී තිබේ.
ඒ අනුව ඊයේ සවස 05.00 ට අධිකරණ අමාත්යාංශයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වී ඇත.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්ය වෙත කරුණු දැක්වූ ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පැවසුවේ,
“අද උදේ පැවති අපේ ශ්රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින්ගේ රැස්වීමෙන් පසුව අද අපිට පළවෙනි වතාවට අවස්ථාවක් ලැබුණා අධිකරණ අමාත්යතුමා සමග ශ්රී ලංකා නීතීඥ සංගමයේ ස්ථාවරය ගැන පැහැදිලිකිරීමක් කරන්න. පැයක් තිස්සේ අපි එතුමාත් එක්ක සාකච්ඡා කළා. එතුමාට අපි ඉදිරිපත් කළා ශ්රී ලංකා නීතීඥ සංගමයේ ස්ථාවරයත් ඇයි ශ්රී ලංකා නීතීඥ සංගමය කියන්නෙ මේ ව්යවස්ථා සංශෝධනය මේ වෙලාවේ නොකළ යුතුයි කියලාත්. ඒ එක්කම අපි ඉල්ලීමක් කළා ජනාධිපතිතුමාවත් හමුවීමට. එතුමා ඒ ගැනත් අතිගරු ජනාධිපතිතුමාවත් දැනුවත් කරලා, අපිව දැනුවත් කරනවා කියලා කිව්වා”
ප්රශ්නය – අධිකරණ ඇමතිතුමාගේ ප්රතිචාරය මොකක්ද ?
“එතුමාගේ ප්රතිචාරය වුණේ, අපි ඉදිරිපත් කරපු කරුණු ගැන අධ්යනය කරලා ජනාධිපතිතුමාව දැනුවත් කරනවා කියලා එතුමා අපිට කිව්වා”


