රුපියලේ අවප්‍රමාණයවීම තාවකාලිකයි – සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රුපියලේ අවප්‍රමාණයවීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන අතර, ඉල්ලුම හා සැපයුම මත එහි වටිනාකම තීරණය වීමට ඉඩ ලබාදුන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ,

“අපි ඩොලරයට හා රුපියලට ඉල්ලුම සැපයුම මත වටිනාකම තීරණය වෙන්න ඉඩදීලා තියෙනවා. අපි දකිනවා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 750ක් විතර තිබුණා. දේශීය ණය ප්‍රතිව්‍යගතකරනයේදී සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවන්න කටයුතු කරන්න කියන එකට තමයි එකඟවුණේ. ඩොලර් තැන්පතුවලින් තමයි ඔවුන් මේක මිලදී ගත්තේ. එතකොට තැන්පතුකරුවන්ට අවශ්‍ය කාලයේදී බේරීම සඳහා මේ ප්‍රමාණය ඩොලර් රැස්කර ගන්න බැංකුවලට යම් අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ නිසා බැංකු මෙතෙක් තමන්ට ලැබුණු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම යම් ප්‍රමාණයකට සීමා කරන්න පුළුවන් මේක රැස්කර ගැනීම සඳහා. ඒ වගේම වෙළෙඳපොළෙන් යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා එක්ක රුපියල අවප්‍රමාණය වීම හා ඩොලරයේ අගය වැඩිවීම සිදුවුණේ පසුගිය දින කිහිපය තුළ. මේ තත්ත්වය ඉල්ලුම සැපයුම මත ඇති වුණ තාවකාලික තත්ත්වයක්.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...