අද වේල්සයට හොද සටනක් දුන් ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරුව හමුවට

Date:

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී පැවත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේ සිය කාණ්ඩයේ තෙවන තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාව, වේල්සයට හොද සටනක් දී ලකුණු 68 – 56 ක් ලෙස පරාජයට පත් විය.

මෙම තරගාවලියේදී මෙන්ම බොට්ස්වානා තරගාවලියේදී ද නිරාවරණය නොවන සේ තබාගෙන සිටි තර්ජණී සිවලිංගම් අද අවසන් කාර්තු දෙකකදී යොදා ගන්නට තිලකා ජිනදාස පියවර ගත්තාය.තරගාවලියට සහභාගිවන කණ්ඩායම් අතර තත්ත්වයට සාපේක්ෂව තිලකා ප්‍රකාශ කළ සැලසුම වූයේ ශ්‍රේණිගත කිරීම්වල පියවර කිහිපයක් ඉදිරියට ඒමය.

ඒ නිසාම වේගවත් මෙන්ම දැඩි ආක්‍රමණකාරී කණ්ඩායම් සමඟ තර්ජණී තර්ජණයට හසු නොකර රැක ගැනීමට පියවර ගත් තිලකා අද වේල්සය සමඟ අවසන් කාර්තු දෙකකදී ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග වෙනුවෙන් සූදානම් කර ගන්නට පියවර ගත්තාය.

එහිදී අවශ්‍යය රිද්මය සහ ඉලක්කය සපුරා ගත් තර්ජණී එම කාර්තු දෙකේදී වේල්සය සමඟ වට දෙකේ ලකුණු තත්ත්වය පසුපසින් සිටියත් 18 – 20 සහ 16 – 18 ලෙස සමීපව තබා ගැනීමට දායක වූවාය.ඇය එම වට දෙකේ ශ්‍රී ලංකාව ලද ලකුණු 34 න් 33ක් ලබා ගත්තේ උත්සාහයන් 35 දී ය.සේමිනි අල්විස් ගත් උත්සාහයන් 7 ම සාර්ථක කර ගත්තාය.

සෙසු වට දෙකේ ලකුණු තත්ත්වය 17 – 11 සහ 13 – 11 ක් විය.කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ තරගයේ දී ඉදිරි තරග පිළිබදව බලාපොරොත්තු සහගත හැඟීම් දනවමින් ක්‍රීඩා කළහ.විශේෂයෙන් නායිකා ගයංජලී සහ සේමිනී දැක් වූ දක්ෂතා ඉදිරියෙන් වූහ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...