(VIDEO):පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට වුණත් තවමත් ඉඩ තියෙනවා – කුට්ටිආරච්චි

Date:

කොළඹ LNW: ලක්ෂ 30ක ජන්ද පදනමකින් ජන්ද සටන ආරම්භ කළ හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අනිවාර්යයෙන් ඊළඟ විධායක ජනාධිපති ධූරයට පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.

අපේක්ෂකත්වය දෙස බලන විට ව්‍යාපාරික හා ආර්ථික පැත්තෙන් ධම්මික පෙරේරා මහතාට අවස්ථාව හිමිවිය හැකි අතර තරුණ අංශය දෙස බැලීමේදී නාමල් රාජපක්ෂ සිටින අතර ජ්‍යෙෂ්ඨකුට අවස්ථාව යන්නේ නම් ඒ සඳහා ද අපේක්ෂකයින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ එකඟ විය හැකි නම් රනිල් වික්‍රමසිංහ මහතටද නැවත අවස්ථාව තිබෙන බවද ඔහු කියා සිටියි.

මේ අතර ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාරික ප්‍රතිපත්ති සහ පොහොට්ටුවේ ප්‍රතිපත්ති සමාන නම් මේ රටේ වාසනාවන්තම අපේක්ෂකයා ධම්මික පෙරේරා විය හැකි බවයි කුට්ටුආරච්චි මහතා තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...