ලංකාවට එන චීන යුධ නැව නිසා ඉන්දියන් සාගරයේ නාවික අධිකාරිය නොසන්සුන්?

Date:

චීන නාවික හමුදා අධීක්ෂණ (maritime surveillance) නෞකාවක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මෙම පුවත සමඟ ඉන්දියන් සාගරයේ නාවික අධිකාරිය තුළ නොසන්සුන්තාවයක් මතුව ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදය සහ පවතින රජයට එරෙහි ජන අරගලයක් බිහිව ඇති මොහොතක මෙම නොසන්සුන්තාව ඇතිවීම ද විශේෂත්වයකි.

මීට එරෙහිව ඉන්දියාව සිය විරෝධය ප්‍රකාශ කර ඇති අතර, ඔවුන් චෝදනා කරන්නේ භෞමික මුහුදේ ගමන් අවශ්‍යතා උල්ලංඝනය කිරීමට චීනය කටයුතු කර ඇති බවයි.

මීට ප්‍රතිචාර වශයෙන් චීනය පවසා සිටියේ “අදාළ පාර්ශ්වයන්” තම නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත් වීමෙන් වැළකී සිටිනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

උක්ත නොසන්සුන්තාව ඇතිකිරීමට හේතුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන යුවන් වැන්ග් 05 (Yuan Wang 5) නැමති චීන පර්යේෂණ නැවයි. එය එළඹෙන අගෝස්තු 11 වන දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිත අතර, ඉන්දියානු සාගර කලාපය තුළ පර්යේෂණ දියත් කිරීම සහ එම කලාපයට අදාළ චන්ද්‍රිකා පාලනය කිරීම මෙම නාවික යුධ පර්යේෂණ නැවේ අරමුණ බව වාර්තා වේ.  

බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් ශ්‍රී ලංකා හි (BRISL) අධ්‍යක්ෂ වයි. රනරාජා ට අනුව, මෙම යුධ නෞකාව ඉන්දියානු සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ චන්ද්‍රිකා පාලනය සහ පර්යේෂණ ලුහුබැඳීම් සිදුකරනු ඇත.

මෙම නැව හම්බන්තොට වරායේ සතියක කාලයක් නැංගුරම් ලා තිබීමට කටයුතු යොදා ඇති අතර අගෝස්තු 17 වන දින යළි පිටව යන බව ද වාර්තා වේ.

ඒ අනුව, ඉන්දියානු සාගර කලාපය චීන යුධ කඳවුරක් බවට පත්වනු ඇතැයි ඉන්දියාව සිය කණස්සල්ල පළකර තිබේ.

මීට අමතරව, තම යුධ අවශ්‍යතා සපුරා ගැනීමට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන අස්ථාවරභාවය ප්‍රයෝජනයට ගැනීමට චීනය කටයුතු කරමින් සිටින බවට ද චෝදනා එල්ල වෙමින් පවතී. මෙම වාතාවරණය තුළ ඉහත යෝජිත සැලැස්ම සඳහා චීනයට ලැබී ඇති ප්‍රාදේශීය දේශපාලන සහ හමුදා සහයෝගයේ මට්ටම පරීක්ෂා කිරීමට නව දිල්ලිය කටයුතු කරමින් සිටින බව එරට විදේශ අමාත්‍යංශය ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින නිකුත් කළ නිවේදනයක සඳහන්.

හම්බන්තොට වරායේ කටයුතු වලට චීන මැදිහත්වීම දිගින් දිගටම සිදුවන බවත්, මෙම බොහෝ ක්‍රියාකාරකම් මොනවාද යන්න හෙළිදරව් නොකිරීම ගැටළුවක් බවත් විවිධ පාර්ශව විසින් පෙන්වා දී තිබේ. තව ද, මෙම යුවන් වැන්ග් 05 නෞකාවේ සම්ප්‍රාප්තිය නිසා භෞමික මුහුදේ අහිංසක ගමන් අවශ්‍යතා උල්ලංඝනය වීමට ඉඩ තිබෙන බව එක්සත් ජාතීන්ගේ නාවික නීති පිළිබඳ ප්‍රඥප්තිය (UNCLOS) විසින් අනතුරු අඟවා තිබේ. මෙම නෞකාවට වෙරළබඩ කලාපයේ නිදහසේ සැරිසැරීමට ඉඩ අවකාශ ලැබෙන බව ද විද්වතුන් විසින් පෙන්වා දී තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්, සාගල, ශවේන්ද්‍ර ඇතුළු හිටපු ප්‍රබලයින් 28 කගේ වත්කම් ගැන විමර්ශනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රබලයින්...

මැදපෙරදිග යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම් ගැන රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ඉරාන - ඊශ්‍රායල යුද්ධය තුළ බරපතල...

කෙහෙළියගේ බාල එන්නත් තුළ විෂ බැක්ටීරියා සහ ලුණු – ජර්මනියේ පරීක්ෂණයකින් අනාවරණය වෙයි !

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී මිලදීගත් ප්‍රශ්නගත "ඉමියුනොග්ලිබියුලීන්"...

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...