ණය බරින් පීඩිත කෙනෙකුට තවත් ණය දෙන්න බැහැ! ජපානයේ ස්ථාවරය මෙන්න

Date:

කොළඹ LNW:නව මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව ජපානයේ මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් යුකිකෝ ඔකානෝ පවසයි.

ඇය මේ බව කියා සිටියේ ජපාන විදේශ අමාත්‍යවරයා වන හයාෂි යොෂිමාසා (Hayashi Yoshimasa) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිතකර සලකා බැලීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කළ බවත් මේ අවස්ථාවේ ජපානයට වැදගත් වන්නේ ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉක්මණින් සහ ගැටලුවකින් තොරව අවසන් කිරීම බවත් ඇය සඳහන්කර ඇත.

වගකිව යුතු ණය දෙන්නකු ලෙස ණය බරින් පීඩිත වී සිටින රටකට නව ණය ලබා දීම කළ නොහැකි බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

ශ්‍රී ලංකාවේ කිසිඳු ද්වි පාර්ශ්වික ණය හිමියකුට ශ්‍රී ලංකාව විශේෂයක් නොකරන බවට ජපානයට සහතිකයක් ලබා දී තිබෙන බව යුකිකෝ ඔකානෝ පවසයි.

චීනය, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්ති අනුකූල නොවන අයුරින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ වෙනත් රටවල ක්‍රියාත්මක කර ඇති විශාල පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ජපානය අවධානයෙන් පසුවන බවත් ඇය සඳහන් කරයි.

මෙවර සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ නවතා දැමුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු විශේෂ ව්‍යාපෘති පිළිබඳ ජපානය සාකච්ඡා නොකළ බවත් ඉදිරියේ දී ජපාන රජය ඒ පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවත් පවසන ඇය තවදුරටත් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය විසින් අවලංගු කරන ලද ජපානයේ අරමුදල් සහිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳව ‘ඉතා අඩු කතාබහක්’ පවතින බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විනිවිදභාවය සහ සංසන්දනාත්මක බව සහතික කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍යවරයාට සහතික වී ඇති අතර ශ්‍රී ලංකාවේ විදේශීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ජපානයේ දායකත්වය ද අගය කළ බවත් ඇය පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...