*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

(VIDEO):එක එක ජාතියේ විරුවොත් එක්ක රට වැටුණු වැටිල්ල මෙන්න!

කොළඹ LNW:මෙතෙක් මේ රට පාලනය කළ පාලකයින්ට රට හදන්න සහ ජනතාව පොහොසත් කිරීමට කිසිදු වුවමනාවක් නොතිබුණු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනතාව පොහොසත් වුවහොත් ඔවුන් දේශපාලකයින් පසුපස නොඑන බව දේශපාලකයින් හොඳින්ම දන්නා නිසා ජනතාව පොහොසත් කිරීමේ රට හදන වැඩපිළිවෙලට පාලකයින් මෙතෙක් අතගසා නොමැති බවයි දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

පාලකයින්ට හැමදාමත් අවශ්‍යව තිබුණේ රටේ ජනතාව දුප්පත්කමේ පතුලටම ගිල්වා තැබීමට බව හෙතෙම කියාසිටියි.

එක අතකින් අම්මට සිල් රෙද්ද බෙදනගමන් අනික් අතින් ගෙදර තාත්තාට අරක්කු දී ජනතාව විනාශයට ඇද දමා පාලකයින් හැමදාමත් බලයේ සිටීම පමණක් කර ඇති බව දිසානායක මහතා ප්‍රකාශ කරයි.

”පසුගිය දශක දෙක තුන තුළ ලෝකය වේගයෙන් ඉදිරියට යන්න පටන් ගත්තා. දකුණු කොරියාව කියන්නේ අපිට වඩා විශාල වශයෙන් පස්සෙන් හිටපු රටක්. 1950 දී දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. හැබැයි 1950 දී ලංකාව භාණ්ඩ නිෂ්පාදනය කරලා පිටරටට විකුණලා හොයල තියෙනවා ඩොලර් මිලියන 316ක්. ඒ කියන්නේ කොරියාව වගේ දොළොස් ගුණයකින් දහතුන් ගුණයකින් අපනයන ආදායමක් තිබුණු රටක්. දැන් මොකද වෙලා තියෙන්නේ 2024 වෙද්දි ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. කොරියාව ඩොලර් බිලියන 685යි. අපිට වෙච්ච දේ පැහැදිලියි. මොකද වුණේ. මේ පාලක කණ්ඩායමට කවදාවත් අපේ රට හදන සැලැස්මක් තිබුණේ නැහැ. අපේ ජනතාව පොහොසත් කරන සැලැස්මක් තිබුණේ නැහැ. එහෙම ඕන කමකුත් නැහැ. දුප්පත් ජනතාව දුප්පත්කමේම හෙලන්න ඕනේ. තරුණ තරුණියන්ට රැකියා නැති ආර්ථිකයක්ම හදන්න ඕනේ. දැන් බලන්න මාලදිවයින. ලංකාවේ අය 13500ක් මාලදිවයිනේ වැඩකරනවා. මාලදිවයිනට තියෙන්නේ ආර්ථික දෙකයි. කිසි සම්පතක් නැහැ. මාලදිවයිනට තියෙන්නේ එකක් ධිවර කර්මාන්තය. අනෙක සංචාරක කර්මාන්තය. බොන්න වතුරත් පිටරටින් ගේන්නේ. කන අඹ ගෙඩියත් පිටරටින් ගේනවා. බත් ටිකට අවශ්‍ය හාල් ටිකත් පිටරටින් ගේනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ. ධීවර කර්මාන්තයටත් සංචාරක කර්මාන්තයටත් යෝග්‍ය රටක්. ඒගොල්ලෝ එහෙම දියුණු වෙනවා. ලංකාවේ අය එහෙ ගිහිල්ලා රස්සා කරනවා 13500ක්. මේ පාලකයින්ට මොකද වුණේ. මේ පාලකයින්ට අපේ රට දියුණු කරන්න වුවමනාවක් තිබුණේ නැහැ” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan