ට්‍රම්ප් අඩු කළ බද්ද රනිල්ට ඇති වෙද්දී සජිත්ට මදි වෙයි!

Date:

කොළඹ LNW:අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍යේන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය දක්වා තිබේ.

ඒ අනුව එජාපය පවසන්නේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩු කිරීම පිළිගන්නා බවයි.

අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රශංසා පළ කරන බවද එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි. නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කළා.

මෙම පසුබිම යටතේ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට ළඟා වීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.

මෙම බදු අනුපාතය අඩුවීම පිළිබඳව සමඟි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය ස්ථාවරය දක්වා තිබුණි.

X සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ මෙරට අපනයනකරුවන්ට සැබෑ සහනයක් ලැබෙන්න නම් 15% ට වඩා පහත බදු ඉලක්කයක් වෙත යා යුතු බවයි.

ඒ සඳහා වෙළඳ ආර්ථිකවේදීන්ගෙන් සහ ප්‍රමුඛ කණ්ඩායමක් තිබිය යුතු බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.

ඉන්දියාවට 25%ක තීරුබදු අනුපාතයක් පනවන අතර ශ්‍රී ලංකාව, බංගල්දේශය හා වියට්නාමයට 20%ක සමාන තීරුබදු අනුපාතයක් පනවා ඇති බවද ඔහු සිය X සටහන මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...