*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඇමති බඳින්න හදන වැටට සවිමත් දඬු

ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල භාවිතයට ගනිමින් අමාත්‍යංශ නිධාරීන්ට ක්‍රීඩා උත්සව ආදියට සහභාගිවීම වාරණයට ලක් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තීරණය කර ඇත.ඒ සම්බන්ධයෙන් අවශ්‍යය උපදෙස් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට පැවරූ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.මේ සඳහා ආසන්නම හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළොමිඹියාවේ පැවත්වෙන මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමේදි ඇති වූ තත්ත්වයය.එහිදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් වගකීමට බැදී සිටින ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය එංගලන්ත සංචාරයට එක්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් ඔහු වෙනුවට ක්‍රියා කිරීමට අධ්‍යක්ෂ අයි.පී.විජේරත්නට කතා කර විට ඔහු සෙනසුරාදා තමාගේ විවේක දිනය නිසා අමාත්‍යංශයට පැමිණිමට නොහැකි බව පවසා ඇත.රටක් නියෝජනය කරන්නට යන කණ්ඩායමක සාමාජිකයන් සාමාන්‍යයෙන් තානාපති තත්ත්වයෙන් සැළකිය යුතු වුවත් මේ තත්ත්වය මත ඔවුන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් හිමි වූයේ ටොරිංටන් ක්‍රීඩාංගණයේ පඩි පේලි මත දිගා වී නිදන්නටය.

මේ වාරණය පිළිබඳව මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට ද සංචාර සඳහා වාරණයක් පනවන බව පවසයි.එයනම් එතරම් නුවණැති ක්‍රියාවක් බව නොපෙනෙයි.බොහෝ විදේශ සංචාර අතරතුර ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට යම් යම් රැස්වීම් සහ කොමිටි හමුවීම්වලට සහභාගි වෙන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බැවින් එවැනි වාරණයක් සිදු කිරීම දෙවරක් සිතිය යුතු තත්ත්වයකි.නමුත් එවැනි සංචාර සඳහා එක්වීමේදී එම ක්‍රීඩාව සම්බන්ධයෙන් නිසි වගකීම් ඉටු කිරීම පමා කරන්නේනම් ඒ සඳහා අමාත්‍යවරයාගේ බලතල යොදා අතුරු කමිටු පත් කිරීම වැනි කරුණුවල වරදක් නැති අතර නැත්නම් පෙනේ නොපෙන්වීමෙන් නයා දරඪුවකට ගන්නා තත්ත්වයකට වැටිය හැකිය.මෙහිදී ඇතැම් නිලධාරින්ට ඇති දේශපාලන මිතුරුකම් නිසා අමාත්‍යංශ නිලධාරීන් පසුපාදයට පිවිසෙන්නට ක්‍රියා කරන බව ද සත්‍යයකි.ඒ නිසා නිලධාරීන් තුළ එවැනි විශ්වාසයක් ගොඩ නැගීමට අමාත්‍යවරයා තමාගේ බලතල දේශපාලන මිතුරුකම් නොසළකා ක්‍රියාවේ යෙදවීම වැදගත්ය.
අමාත්‍යංශ නිලධාරීන් පසුගිය කාල පරිච්ඡේදය තුළ කර ඇති විදේශ සංචාර ගණන පිළිබඳව සොයා බැලීමට මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පළමුව ක්‍රියා කළ යුතුය.ඔවුන් ගොස් තිබෙන සංචාර, ඒ සඳහා රජය වැය කර තිබෙන මුදල් මෙන්ම නිලධාරීන් සංචාරයන් නිමාවේ, දී ඇති නිරීක්ෂණ වාර්තාවන් සහ ඒ ඇසුරෙන් ක්‍රියාවට නංවා ඇති නව වැඩ සයහන් කවරේද යන්න විමසා බැලීම මෙහිදී වැදගත් ය.වැඩ සටහන ආරම්භ කළ යුත්තේ එතැනින්ය.එහිදි නිරීක්ෂණ වාර්තාවක් හෝ ලබා දි නැති නිලධාරීන් සම්බන්ධයෙන් පළමුව කළ හැකි දේ කවරේද යන්න විමසා බැලිය යුතු අතර හැකියාවක් ඇත්නම් ඔවුන් එම සංචාර සඳහා රජයෙන් වැය කර ඇති මුදල් යම් ප්‍රතිශතයක් අය කර ගැනීමේ හැකියාවක් ඇත්දැයි විමසා බැලිය යුතුය.

හෙට දවසේ කරන වැඩ ගැන කීමට වඩා අමාත්‍යවරයාට ඊයේ දවසේ වී ඇති වැඩ සම්බන්ධයෙන් දඩුවම් පමුණුවා මේ ක්‍රියාවලිය ආරම්භ කර හැකිනම් එය වඩාත් වැදගත් වනු ඇත.එහිදී අමාත්‍යංශය ඇතැම් සංචාරවලදී අමාත්‍යවරුන්ගේ දේශපාලන හිතවතුන්ට ද සංචාර අනුග්‍රහ නිරීක්ෂණ මට්ටමෙන් ලබා දි තිබෙන බව දැක ගන්නට හැකි අතර ඒ සම්බන්ධයෙන් ද රටට හෙළිදරව් කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට හැකියාවක් ඇත්නම් එයද ඉදිරියට වැදගත් වනු ඇත.නැතිනම් ඔහුටද ක්‍රීඩා අමාත්‍ය ධූරයේ සිටියදී තම දේශපාලන හිතවතුන්ගෙන් එවැනි ඉල්ලීම් පැමිණීම වළක්වා ගන්නට අපහසු වනු ඇත.
ක්‍රීඩා සංගම්වලට ද සංචාර සඳහා නිරීක්ෂකයෝ නැතුවම බැරි කොටසකි.ඒවා ඡන්දය.ආසන්න වශයෙන් ඉදිරියේදි ක්‍රියාත්මක වීමට නියමිත ලෝක පාපන්දු සැණකෙළියට යාමට නියමිත පාපන්දු නිලවරණයට ඡන්දය දීමට ඇති පිරිස සහ අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් වේනම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට අමාත්‍යවරයාට හැකියාව ඇත.සමහර විට සම්මේලනය අමාත්‍යවරුන්ට සුඛෝපභෝගී හෝටල් කාමර සඳහා වියදම් කර ඇති තැන්ද එවැනි විමසා බැලීම්වලදී හමුවිය හැකිය.මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල හැඩයට සිය ව්‍යවස්ථාව සකස් කර ගැනිම හෝ සිදු කර නොගෙන බලය තමන්ට ඡන්දය නොදුන් පිරිස පාපන්දුවෙන් ඉවත් කිරීමට යොදවන බවට චෝදනා ලබා ඇති වත්මන් පාපන්දු පරිපාලනය ලෝක කුසලාන පාපන්දුව සම්බන්ධයෙන් යවන්නට බලාපොරොත්තු වන පිරිස,ප්‍රවේශපත් සඳහා යම් වියදමක් දරා ඇද්ද යන්න විමසා බලා රටේ පාපන්දුවේ අභිවෘද්ධිය සඳහා වැය කළ යුතු මුදල් තමන්ගේ බලය රැක ගැනීමේ ව්‍යාපෘතිවලට වැය කරනවාද සොයා බැලිය යුතුය.එහිදි අමාත්‍යවරයා ඉතා සියුම්ව මේ වරප්‍රසාද තමන්ගේ නිලධාරීන්ට ද ලැබී ඇද්දැයි යන්නද සොයා බැලීමට විමසිළිමත් විය යුතුය.

පාපන්දු පමණක් නොවන ක්‍රීඩා පරිපාලන ඒකක බොහෝ විට මේ ආකාරයට නිරීක්ෂකයන් ලෙස ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලට එකතු කර තිබෙන පිරිස් කවුරුද සහ ඒ පිරිස් එම සංචාර සම්බන්ධයෙන් ඒ ඒ ක්‍රීඩා සංගම්වලට ලබා දි ඇති නිරීක්ෂණ වාර්තා කවරේද යන්න ද විමසා බැලීම මෙහිදි වැදගත්ය.ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිම්මටම අඩුම තරමේ ගෙවුණු වසර පහක කාල සීමාව සැළකිල්ලට ගෙන ක්‍රීඩා සංගම්වලින් සංචාර සඳහා එක් කර තිබෙන නිරීක්ෂකයන් කවුරුන්ද,ඔවුන් කර ඇති යෝජනා කරන මොනවාද යන්න සංචාරවලට එකතු වූ කළමණාකරුවන්ගේ සිටම ලබා දුන් වාර්තා කැඳවිය යුතුය.මේ ආකාරයම ක්‍රීඩා අමාත්‍යංශය මට්ටමෙන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්ද ක්‍රියාවට නැංවිය යුතුය.අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන්(ඒ නිලධාරීන්ට හිටපු අමාත්‍යංශ ලේකම්වරු සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරු ද ඇතුළත් විය යුතුය) එසේ වාර්තා ලබා දි නැත්නම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයාට හැකියාව ඇති අතර ක්‍රීඩා පරිපාලන ඒකක විසින් සංචාරයන් සඳහා යෙදවූ නිරීක්ෂකයන් වාර්තා ලබා දී නැත්නම් එයට එම පරිපාලන වෙතින් නිදහසට කරුණු විමසා සිටීමට හැකියාව ඇත.

මේ සටහන ක්‍රීඩා අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශනයේ අවංකකම පරික්ෂා කිරීමේ යොජනාවකි.විශේෂයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යම් යම් දේශපාලන තීන්දු ක්‍රියාත්මක කරවීම සඳහා යොදවා ගත් බවට ද චෝදනා ඇති බැවින් ඒවායේ සිටම නිවැරදි කිරීමට උත්සාහ දැරිම වැදගත්ය.දැනට ඔහු සංචාරය කරන තරග උළෙල සම්බන්ධයෙන් වූ තේරිම් පිළිබඳව පැමිණි චෝදනා සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය ද විමසා බැලීම වටින්නේය.විශේෂයෙන්ම ස්කොෂ් ක්‍රිඩාවේ ලංකාවේ අංක එක සහ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිමේ 246 වන තැන දරන ෆාතුම් ඉසදීන් කණ්ඩායමෙන් නෙරපා හැරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම ප්‍රශ්නකාරීය.ඇයව කණ්ඩායමෙන් ඉවත් කිරීමට එරෙහිව ඔහු නිසි පියවර ගැනීම මඟ හැරියේ ඇය හිටපු ජනාධිපතිවරයාට විරුද්ධ මයක් දැරිම නිසා යන්නද ප්‍රශ්නකාරීව තිබිණි.ඒ නිසා ඒ ප්‍රශ්න සඳහා ඔහුගේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම කවරේද යන්න සළකා බැලිය යුතුය.

එසේම අලුත් සංකල්ප මත අභියෝග සමඟ පෙරට පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකා රගර් පරිපාලනයට එරෙහිව වාරණය ගෙන ඒම මේ වන විට අධිකරණයෙන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඒ අත්හිටුවිමෙන් පසුව අලුත් වැඩ පිළිවෙලක් යටතේ අමාත්‍යංශයේ සහයද නොලබා එම කණ්ඩායම මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි ඉතිහාසය වෙනස් කරමින් දක්ෂතා අතරට පිවිස ඇත.එම වාරණය කිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම ලේකම්වරයා ද අමාත්‍යවරයාට නිසි තොරතුරු ලබා දි ඇද්ද යන්න ද සොයා බැලීම මෙහිදි වැදගත්ය.මේ වන විට එම පරිපාලනය අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව සහය ලබා දිම මඟ හැර සිටින තත්ත්වය තුළ දි පවා හොඳම ප්‍රතිපල ස්වාධිනව වැඩ කරමින් ලබාගෙන තිබීම ගැන අවබෝධ කරගෙන ඔවුන් සමඟ සාකාච්ඡා අතපසු කරමින් වත්මන් අමාත්‍යවරයා හිර වී සිටින දඬුවමෙන්ද ගැලවීම වැදගත්ය.

කලෙක සිට සංචාර මාෆියාව යටින් දිවෙන ක්‍රීඩා කේෂ්ත්‍රයේ ඛේදණිය තත්ත්වය වෙනස් කිරීමට අමාත්‍යවරයාගේ මැදිහත් වීම වචන හැටියට ගත් විට අපූරුය.එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට දේශපාලන ඇඟිළි ගැසිම් පැමිණෙන බවත් ඇත්තය.ඒ නිසා රොෂාන් රණසිංහගේ දේශපාලනයේ ක්‍රීඩාව සම්බන්ධ මැදිහත් වීම කොළොම්ඹියා සංචාරයට මැදිහත්වීම සළකා කරන්නට අපි ඉක්මන් නොවෙමු.එය අතපසු වූ දෙයක් නිසා පීඩාවට පත් අසාධාරණයට පත් ක්‍රීඩක කැළකට දිය යුතු අවස්ථාව වෙහෙසකර පමාවකින් පසු ලබා දීමකි.ඒ පමාවේ වෙහෙස තරගාවලිය තුළ නැති කර ගැනීමට ඔවුන්ට තව දුරටත් අතිරේක කායික හා මානසික ශක්තියක් අවශ්‍යය වෙනු ඇත.නමුත් අලුත් පාරකට ක්‍රීඩාව ගෙන එන්නට මේ මොහොතේ අමාත්‍යවරයා පිට කරන වචන සමඟ ක්‍රියාවද සමානව සිද්ධ වෙන්නේනම් එය ඇගයීමට අප සූදානම්ය.ආසන්න සිඳුවිම්වලදී ක්‍රියාව සහ වචන සමීපව සිටින බව අපට පෙණුනද ඒවා සමාන නොවී සමාන්තරව ගලා යාම සාමාන්‍ය තත්ත්වයය.සාමාන්තර ගමන්වලදි දෙක එකට එකතුවීමක් නැත.ඒ නිසා සමානවීම වැදගත්ය.ඇගයීම ඉනික්බිතිවය.

නමුත් එක් දෙයක් ඇගයිය යුතුය.රටක් නියෝජනය කරන්නට යන පිරිසක් මහමඟට බස්සවා හෝ සමාව ගන්නට ඉදිරිපත් නොවූ නිලධාරි සංයුතියක් සහිත ක්‍රිඩා කේෂ්ත්‍රයේ ඔබ ඒ සිඳු වූ වරද වෙනුවෙන් සමාව ගැනීම ඇගයිය යුතු මනුස්සකමකි.නැතිනම් ඔබේ අමාත්‍යංශය මෙන්ම ක්‍රීඩා සංගම්ද සිතා සිටින්නේ බොහෝ විට ක්‍රීඩකයන් යනු තන් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිය යුතු තමන්ගේ අතේ ඇති කඹයේ දුරට හැසිරිය යුතු පිරිසක් ලෙස ය.ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩකයන්ගෙන් සමාව අයදීම දේශපාලන අරුතකින් කළත් හොද වැඩකි.හිටපු ක්‍රීඩා ඇමතිතුමා ක්‍රීඩිකාවක් ඔලිමිපික් ගියේ පාවහන් නැතිව බව කියමින් පාර්ලිමේන්තුවේ දිග හැරිය පට්ටපල් බොරුව ගැන සමාව ගැනීමක් නොව අඩුම තරමේ නිවැරදි තරන්නටවත් ඉදිරිපත් නොවී ක්‍රියා කළ උද්දච්ඡ ආකාරයට සාපේක්ෂව එම වචනවල වටිනාකම් තවත් වැඩි වන්නේය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan