ඉදිරි දෙසතිය තුළ කොවිඩ් රෝගීන්ගේ විශාල වර්ධනයක් – PHI සභාපති අනතුරු හඟවයි

0
335

ඉදිරි දෙසතිය තුළ විශාල වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා විය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු හඟවයි.

දැනටමත් පාසල්, කාර්යාල සහ ජනතාව එක් රැස්වන ස්ථානවල කොවිඩ් රෝග ලක්ෂණ සහිත පිරිස් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින අතර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟවීම නිසා රෝගීන් හඳුනාගැනීම ගැටලුසහගත වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් වැනි ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලදී කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන් අතර සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

RN