*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා රගර් දිනපු හැටි

ශ්‍රී ලංකා රගර් පරිපාලනයට මෙවර පොදු රද මඩුළු කෙළි උළෙට යන්නට වැටුණු බාධා කොතෙකුත්ය.ඒ රගර් අලුත් කරන්නට ගත් තීරණ සමඟය.විශේෂයෙන් රගර් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ඉහළින් මුදල් ගැවසෙන ක්‍රීඩාවක්ය.එයට අනුග්‍රාහක භවතුන් ආකර්ශණය කර ගැනීමේ විශේෂ හැකියාවක් ඇත්තේය.නමුත් ඒ තත්ත්වය යම් කිසි අධිකාරීත්වයකට නතු කරක්‍රීඩාවට ඉපැයිය හැකි මුදල් ලබා ගැනීමේ මාර්ග වැසී තිබෙන බව නව පරිපාලනයට දැනෙන්නට විය.එහි ප්‍රතිපලයක් ලෙස අනුග්‍රාහයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අනුගමනය කරමින් තරග විකාශන අයිතිය අනුග්‍රහයෙන් භාහිර කොටසක් ලෙස තබන්නට ශ්‍රී ලංකා රගර් පරිපාලනය එකඟතාවයකට පිවිසිණ.
කොවිඩ්වලට සේදී තිබූ ක්‍රීඩාවේ නව පිබිදීමක් ඇති කිරීම සඳහා මෙන්ම ක්‍රීඩකයන්ගේ වෘත්තීයභාවය සුරක්ෂිත කරන්නට නියමිත වෙලාවට රගර් ආරම්භ කිරීම අවශ්‍යය වුවත් අනුග්‍රාහක ඒකාධිකාරය පළුඳුවීමට අකමැත්ත පළකිරීම සඳහා “කල් ඉල්ලා සිටිමේ” ක්‍රියාවලියකට පිවිසීම නිසා ක්‍රීඩාව නිශ්චිත මොහොතේදී ආරම්භ කිරීම කෙමෙන් පස්සට වන්නට විය.එහිදී යම් අවස්ථාවක ඉවසීම ප්‍රගුණ කළ රගර් පරිපාලනය ක්‍රීඩාව ක්‍රියාත්මක විය යුතු මොහොත පමා කිරීමේ ක්‍රියාවලිය නවතා අනුග්‍රහයකින් තොරව රගර් ආරම්භ කරන්නට තීරණය කළේය.අතර මැදදි ඊට අනුග්‍රහයක් එක් කර ගන්නට සමත් වුව ද,සමහර ක්‍රීඩාවන් අනුග්‍රහයට අවශ්‍යය හැඩය ගනිද්දී ක්‍රීඩාවේ අනන්‍යතාවය රැකීමට රගර් තීරණය කළේය.එහිදී ඔවුන්ට එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික රගර් කණ්ඩායමට නායකත්වය දී තිබීම ගැන ද යම් විශ්වාසයක් තිබෙන්නට ඇත.ඒ ඔහු තමන් වෙනුවෙන් හිට ගනීවී යන විශ්වාසයය.
නමුත් සිඳු වූයේ අනෙකකි.අමාත්‍යංශයෙන් කිසිඳු උදව්වක් නොලැබුණු අතර අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළේ රගර් ක්‍රීඩාවට එරෙහිවය.යම් යම් ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රගර් දි තිබූ පිළිතුරු නොලැබුණු නියා කටයුතු කළ ඔව්හූ අමාත්‍යවරයා සමඟ අවසානයේ පරිපාලනය තහනම් කරන ගැසට් නිවේදනයකට පිවිසියහ.මෙයට අමාත්‍යවරයා අවුලුවා සිටි පන්දමට දුම්මල දමන්නට ද ශ්‍රී ලංකා රගර් ඉනිමඟක් කර ගනිමින් ජාත්‍යන්තරයට පිවිසි පිරිස් ද විය.අවසානයේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගය සිහිනයක් නොවුණද මෙවැනි දස්කම් සිහිනයක් වන්නට තිබුණේ රගර් පාලනය ක්‍රීඩාවේ ගැඹුර නොදන්නා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පාලනය කරන්නට වීම නිසාය.

නමුත් මේ සමඟ යොදා ඇති පිංතූරය ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑමෙන් ඉනික්බිතිව ගන්නා ලද ඡායාරූපයකි.ඊට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද සතුටෙන් එක්ව සිටින අයුරු (හිටගෙන වම් කෙළවර) දැකීමම පැහැදිළි කරන්නේ රගර් ක්‍රීඩාවේ ජයග්‍රහණයක්ය.කෙසේ හෝ උසාවිය මඟින් තාවකාලිකව වාරණය ඉවත් කිරීමෙන් පසුව නැවත රගර් පරිපාලනය තමන්ගේ පාලනයට කණ්ඩායම තේරීමේ සිට සියල්ල ලබා ගත් අතර ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ඔව්හූ මෙම සංචාරය සඳහාත් රගර් සදහාත් අනුග්‍රහයන්ද සපයා ගත්හ.එසේම ක්‍රීඩා පිටියෙන් පිටතට පුහුණු සැසිවලට නවාංග එක් කරමින් කණ්ඩායම් සබඳතාවයන් වර්ධනය කිරීමටද පියවර ගත් රගර් පරිපාලනය කණ්ඩායමට දක්ෂතාවය සහ විශ්වාසය කැඳවාගෙන ඒම වෙනුවෙන් විශාල මහන්සියක් ගත්තේය.

එහි ප්‍රතිපලය ලෙස කණ්ඩායම් 16 ක් අතරේ 14 වන තැන ද යන්න වන පෙරළා නැඟීය හැකි ප්‍රශ්නයට නැත හෝ ඔව් යන්න කෙටි පිළිතුරකින් දැක්විය නොහැකිය.අත්දැකීම් අතින් දුප්පත් කාන්තා කණ්ඩායම මුහුණ දීමේ අත්දැකීම් සමඟ කණ්ඩායම් අටකින් අටවන තැනට පැමිණි අතර එය ඉදිරියේදී වැඩි අත්දැකීම් සමඟ දියුණු කළ යුතුය.බොහෝ ක්‍රීඩාවන් පිරිමි ක්‍රීඩාවන් සේ පවතින රටක කාන්තාවන්ට මෙම අවස්ථාව හිමිවීමෙන් නොනැවතී ක්‍රීඩාව ව්‍යාපත් කරන්න සහ තරග අත්දැකීම් ලබා දෙන්න කෙසේ උනන්දු වෙන්නේද යන්න මත ලංකාවේ කාන්තා රග්බි දියුණු තලයකට ඔසවා තැබිය හැකිය.

පිරිමි කණ්ඩායම තරගාවලියේ පළමුවරට නවසීලන්තයට එරෙහිව උත්සාහක දිණුමක් ලබා ගැනීම මෙහිදී වැදගත් කොට තැකීම ඛේදවාචකයක් වන්නේ රටේ ක්‍රීඩාවට ඉතිහාසය විසින් අත් කර දී ඇති ඉරණම අනුවය.එවැනි වටපිටාවක් දශමයකින් හෝ ඉදිරියට තල්ලු කිරීම අමිල අගයක්ය.එසේම එංගලන්තය හා පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ව ලකුණු 49 ට සීමා කිරීම මෙන්ම එංගලන්තයට එරෙහිව ලකුණු 19 ක් රැස් කිරීම ද ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ ප්‍රගතිය විදහා පෙන්වන්නකි.ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු සටහන් නොවුණු එකම අවස්ථාව හැටියට සැමෝවා තරගය හැඳින්විය හැකි අතර එහි ප්‍රතිපලය 00 – 44 ක් විය.සැම්බියාවට එරෙහිව ලකුණු 27 – 14 ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ජැමෙයිකාවට එරෙහිව පරාය ලැබුවේ 24 – 26 ක් ලෙස ය.
තරගාවලිය නිමාවේ කාන්තා සහ පිරිමි අනු සූරතා දෙකම හිමි වුණේ ෆිජී කණ්ඩායමට වන අතර පිරිමි සූරතාවය දකුණු අප්‍රිකාවටත් කාන්තා සූරතාවය ඕස්ට්‍රේලියාවටත් හිමි විය.පිරිමි සූරතාවයේ ජයග්‍රහණයේ සිට 16 වන ස්ථානය දක්වා පිළිවෙලින් කණ්ඩායම් පෙළ ගැස් වූ විට තිබෙන ආකාරය පහත දක්වා ඇත.එම කණ්ඩායම ඉදිරියේ (අ) ලෙස කණ්ඩායම සත් සාමාජික රගර් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල සිටින තැන දක්වා ඇති අතර (ආ) යටතේ දක්වා ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරිම්වල ඒ ඒ රට පසුවන ස්ථානය ය.

1 දකුණු අප්‍රිකාව (අ) -1 (ආ) -3,
2 ෆිජී (අ) – 4 (ආ) – 12
3 නවසීලන්තය (අ) – 4 (ආ) 4
4 ඕස්ට්‍රේලියාව (අ) -2 (ආ) -6
5 සැමෝවා (අ) -10 (ආ) – 11
6 ස්කොට්ලන්තය (අ) -12 (ආ) – 7
7 කැනඩාව (අ) -14 (ආ) – 23
8 කෙන්යාව (අ) -13 (ආ)- 33
9එංගලන්තය (අ) – 8 (ආ) – 5
10 උගන්ඩාව …… (ආ) – 44
11 ටොංගා …….. (ආ) – 16
12 වේල්සය (අ) – 15 (ආ) – 8
13 ජැමෙයිකාව (අ) – 19 (ආ) – 67
14 ශ්‍රී ලංකාව ………….. (ආ) – 47
15 මැලේසියාව ………… (ආ) – 51
16 සැම්බියාව ……… (ආ) – 69

මේ සටහන තුළින් තරගාවලිය තුළ සිඳු වී ඇති යම් යම් ඉහළ යාම් සහ පහළ යාම් වලට අමතරව ටෙස්ට් රගර් සහ සත් සාමාජික රගර් අතර වෙනස් පරතරයක් ඇති බව ද ඔබට වටහා ගන්න අපහසු නැත.සත් සාමාජික ශ්‍රේණිගත කිරීම්වලදී විශාල ප්‍රමාණයක් ශ්‍රේණිගත කිරීම්වල නැති අතර ඒ සදහා ශ්‍රි ලංකාවද ඇතුළත්ව නැත.නමුත් සමස්ත කන්ඩායම් 16 සැළකිල්ලට ගනිද්දී මේ ක්‍රීඩා රටාවන් දෙකට අදාළ යම් ව්‍යහුයමය වෙනස් කමක් ඇති බව එකම කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් දෙකේ දරන වෙනස්කම් සැළකිල්ලට ගැනීමේදී පැහැදිළි කර ගත හැකිය.
තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර ප්‍රකාශ කළේ කණ්ඩායමක් ලෙස ක්ෂණිකව නිවැරදි තීරණ ගැනීමට ශ්‍රී රගර් පරිපාලනය ක්‍රීඩා පිටියෙන් පිටතට පුහුණුව රැගෙන විත් ලබා දුන් සහය වැදගත් බවය.තරගාවලියේ ශ්‍රී ලංකාව ලබා ගත් උත්සාහක දිණුම්වලදී මේ කාරණය ජගත් විචාරකයින් ද උත්කර්ශයට නැංවීය.ඒවා අත්දැකීම් හැටියට තව දුරටත් එකතු වෙන්නට අවශ්‍යය තරග අත්දැකීම් සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට යොමු වේ නම් සත් සාමාජික රගර් යනු ශ්‍රී ලංකාවට ජයගත හැකි ක්‍රීඩාවක් බව කිව හැකිය.ප්‍රධාන රගර් තරගාවලි සහ කණ්ඩායම් සමඟ තරගාවලි පවත්වමින් වැඩි පිරිසකගේ දක්ෂතා හඳුනා ගන්නට ඉඩකඩ සළස්වන අතරේම ඒ දක්ෂයන් අතරින් සත් සාමාජික දක්ෂයන් තෝරා ගැනීමේදී වෙනම ප්‍රමිතියකට කටයුතු කරන්නත් ක්‍රියා කළ යුතුය.

ජවය සහ දරා ගැනීම කළමණාකරය කිරීමට ඇති හැකියාව සත් සාමාජික පිටියේදී ජයග්‍රහණයට විශාල පිටුවහලක්ය.විශාල පිටියක කුඩා ක්‍රීඩකයින් පිරිසකගෙන් නික්මී දිව යන්නට වේගය මෙන්ම එය යළි යළිත් කිරීමට දරාගැනීමේ ශක්තිය තිබිය යුතුය.ජාත්‍යන්තර තරගාවලියකට ප්‍රථම එවැනි කණ්ඩායමක් තෝරා මාස කිහිපයක් ඒ සංස්කෘතිය ඇතුළේම ප්‍රධාන ධාරාවේ රගර් තරගවලින් ඈත් කර,එයින් ආර්ථික අලාභයක් සිඳු නෙවෙන්නට තබා ගත හැකිනම් එය ශ්‍රී ලංකාවේ සත් සාමාජික රගර් ඉහළින් ඔසවා තබන්නට විශාල පිටුවහලක් වනු ඇත.

විශේෂයෙන්ම පදක්කම්වලට වේදිකා තැනෙනු විනා ප්‍රගතීන් ඇගයීමට ලක්වීම රටේ ක්‍රීඩාවේ සිදු නොවන තරම්ය.එසේ ඇගයෙන්නේනම් රටේ ක්‍රීඩාවේ ප්‍රතිපල යහපත් දෙසට ගමන් කරනවා ඇත.උදාහරණයකට ජාත්‍යන්තර මට්ටමෙන් මහා විශාල දෙයක් නොවුණ ද,අකලංක පීරිස් පිහිණුම් ක්‍රීඩාවෙන් තැබූ නව වාර්තාවට ජාතික ක්‍රීඩා සභාව වැනි ආයතනයකින් යම් සමරුවක් (කොළ කැබල්ලක මුද්‍රණය කරන ලද හෝ) දිය හැකිනම් එය ක්‍රීඩකයන්ගේ දිරියට වැදගත් වෙනු ඇත.පසුගිය කාලයේ පිහිණුම් ක්‍රීඩාවෙන් රටට කීර්තිය ගෙනාවේ විදෙස්ගත ක්‍රීඩකයින්ය.නමුත් ඒ රටවල ඔවුන් ජයග්‍රහණ ලබන්නේ නැති වුව ද,ඒ තරගකාරී මට්ටමේ දී අපේ රටේ ජාතික වාර්තා අලුත් කිරීම ඔවුන්ට අරුමයක් නොවේය.එහෙත් ඒ පිරිස් මේ පොළවේ තැබූ වාර්තා නිසා අකලංකලා වැනි ක්‍රීඩකයින් තිබෙන තත්ත්වය කළමණාකරනය කර ගනිමින් එම වාර්තා තව දුරටත් දියුණු කිරීමද වටින්නේය.එහි යටි පෙළ ලෙස ගත යුත්තේ ඉහළ මට්ටමේ දක්ෂකම් පුද්ගලයෙකුට නොව රටේම ක්‍රීඩාවේ ප්‍රගතියට ඉවහල් වන බවය.ඒ අනුව අකලංකලාට මීට ආසන්නම ඉහළ මට්ටමේ තරග හෝ ලබා දෙන වැඩ පිළිවෙලක් සැකසිය යුතුය.

උදාහරණය දිගු වැඩි වෙන්නට ඇති බව සිතේ.නමුත් අකුරෙන් අකුර පැහැදිළි නොකරන්නේනම් මේ දේවල් තේරුම් ගනු ඇතැයි සිතීම අපහසුය.ඒ නිසා රගර් ක්‍රීඩාව ලැබූ මේ ප්‍රගතියද ඒ කෙරෙහි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ කණ්නාඩිය ගලවා අලුත් අමාත්‍යවරයාට අලුත් ඇහැකින් බලන්න ලැබුණු අවස්ථාවක්ය.වඩාත්ම වැදගත් දේ ද “මරාසාද්” හී කියනාකාරයට සිරුර කණපිට පෙරළා අලුත් ඇහැකින් ලෝකය දෙස බැලීමමම ය.එවිට රගර් සමඟ සමීපව එහි වර්ධනයට අවස්ථාව සළසන්නට පයින් ගසද්දීත් නොවැටී රටේ රගර් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නට ලෝකයේ ප්‍රවන විචාරකයන්ගේ මුවට වචන ගිල්වන්නට සමත් වූ ශ්‍රී ලංකා රගර් සමඟ කතා කිරීම වටින්නේය.කලෙක සිට තමන්ට වෙන් වූ බිමක් ඉල්ලන රගර් වැටී තිබෙන මාර්ගයෙන් පිටතට ඇඳ කාගේ හෝ පටු උවමනාවන් වෙනුවෙන් විනාශකිරීමට කටයුතු නොකරන ලෙස යෝජනා කරන්නේ තවම ක්‍රියාවට නොනැඟුවත් වටිනා ප්‍රකාශ කිහිපයක් පසුගිය දිනවල ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා කළ නිසාය.

අපි විමසිල්ලෙන් බලා සිටිමු! රගර් දිනපු හැටි වැරදියට කියවා නොගෙන වන වැදීම නවත්වා එම ජයග්‍රහණයේ හිමිකරුවන්ට එය ප්‍රදානයට නිහතමානී වීම ද ක්‍රීඩාවට මෙන්ම මනුස්සකමටද යහපත්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan