මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්!

කොළඹ LNW:මරණ දඬුවම නියම කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පතිවරයා හමුවීමට අද (01) ගිය අවස්ථාවේදීය.

මරණ දඬුවම නියම කෙරුණු දිනයේ සිට දින 28ක් ඇතුළත අදාළ අභියාචනය ගොනු කළ යුතු බැවින් කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි නීතිඥ රොෂාන් දෙහිවල මහතා ප්‍රකාශ කළේ.

එහිදී මාධ්‍යවේදීන් පූජිත් ජයසුන්දරගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් නීතිඥවරයා ප්‍රකාශ කළේ, ඔහු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමෙන්, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරුවන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...