රාජ්‍ය ඇමතිවරයකුගේ ලේකම්වරයෙක් ලක්ෂ 15ක අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් ලක්ෂ 15ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනා මත රාජ්‍ය අමාත්‍යවරයකුගේ පුද්ගලික ලේකම්වරයකු සහ තවත් දේශපාලන ක්‍රියාකාරිකයකු වන ව්‍යාපාරිකයකු ඊයේ (01) දිනයේදී අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

ඔවුන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ජයමිණියාය වැවේ රොන්මඩ ඉවත් කර, එම රොන් මඩ නිස්සාරණය කර වැලි විකිණීමේ ව්‍යාපෘතියකට අදාළව භූ විද්‍යා හා පතල් කාර්යාංශන් ලබාගත යුතු බලපත්‍රය ලබාදීම සඳහා පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇති බව සඳහන්.

පුද්ගලික ලේකම්වරයා අදාළ අමාත්‍යවරයාගේ මඩකලපුවේ පිහිටි කාර්යාලයේදීත් දේශපාලන ක්‍රියාකාරිකයා මඩකලපුව ලංකා බැංකු ශාඛාව ඉදිරිපිටදීත් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වෙළඳ හා පරිසර අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ පුද්ගලික ලේකම්වරයාව බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

අදාළ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...