(VIDEO):රෑ වැටුණු වලේ දවල් වැටිලා බැහැ.රනිල්ට හැර මේ රට ගොඩගන්න කාටවත් බැහැ – රවී

කොළඹ LNW:රෑ වැටුණු වලේ දවල් නොවැටී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ජයග්‍රහණයට සියලු දෙනා එකතු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

නිකරුණේ කතා කර හිඳීමෙන් රටේ ප්‍රශ්න විසදිය නොහැකි අතර ඊට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

ව්‍යවසායකත්වය රට තුළ දියුණු කළ යුතු බවත් ප්‍රශ්න විසඳීම ඇස්බැන්දුම්වලින් කළ නොහැකි බවත් සැබෑ ප්‍රශ්නය රට හමුවේ ප්‍රකාශ කර ප්‍රශ්න විසඳිය යුතු බවත් හෙතෙම කියාසිටියි.

ඒ අනුව රට ගොඩගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවද ඔහු සඳහන් කරයි.

ගෙයින් ගෙට හදවතින් හදවතට ගොස් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කළ යුතු වන බවයි රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ඔහු මෙම අදහස් පළකළේ පසුගියදා මන්නාරම ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තද වැසි හේතුවෙන් 4,300කටත් නියඟය හේතුවෙන් 164,000කට අධික පිරිසකටත් බලපෑම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතන...

ගුරු සේවාවට ව්‍යවස්ථා සංශෝධනයක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා...

ස්පාඤ්ඤයේ අගමැති පෙඩ්‍රෝ සැන්චෙස් හදිසි මැතිවරණයක් කැඳවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ස්පාඤ්ඤයේ අගමැති...

මෙරට HIV ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ජාතික ලිංගික රෝග...