🍎ජනපති හා ආණ්ඩුව මෙන්ම ඇමෙරිකන් මහින්දගේ බදු මෙහෙයුම.?
🍎බදු සාකච්ඡා අසාර්ථක බව හදුනෙත්ති රජයේ ස්ථාවරය කියා පැය කීපයකින් මහින්ද සමරසිංහ ගහපු ගේම….?
🍎තව දුරටත් බදු අඩු කරන උත්සාහයක්….?
🍎බදු අඩු කළේ ලංකාවට පමණක් ද….?
🍎සෙසු රටවලට බදු අඩුවුණේ ඔවුන් ඇමෙරිකන් භාණ්ඩ වලට තීරු බදු බින්දුව කිරීම තුළවීම…!
🍎ට්‍රම්ප් ගේ නම්‍යශීලී බවට හේතුව…..?
🍎කජුසීයා හිටිය නම් 15% ට බස්සන කතා…?
🍎ට්‍රිලියන ගණන් මුදල් තිබේ නම් උක් ගොවියාට නොගෙවන්නේ ඇයි…?
🍎ආණ්ඩුව ෆේල් බවට ළදරු අබේ ඇඬීම….?
🍎බිග් කොච්චන් පරදන “ඇක් චු වලි”…?
🍎”යූ මේ බෙටඩ් ඩොනේටඩ්”…. ?
🍎මාලෙන් ලංකාවට දුන් ලනුව…?
ආණ්ඩුව පැය 24 පුරාම නානවා හැර වෙන දෙයක් තිබුණේම නැත. මාස 10 ට කයිවාරු හා පච විනා කකුස්සි වලක් හාරගන්නටවත් නොහැකිවූ බවට සමාජ මාධ්‍ය මොර දුන්නේය.
අපි ෆේල් බව ළදරු අබේ හොටු පෙරමින් අඩමින් කීවේය. හදුනෙත්තිට දෙවැනි නොවෙන සේ හෑවගේ හා පාණ්ඩිත්‍ය චක්‍රවර්ති බිමල් ද ඉංග්‍රිසි වලින් හෑවේය. මාස 10 කදී ජනපති සිය 07 වන නිළ සංචාරයට මාලදිවයිනට ගියේය.යනවා එනවා මිසක රටට ප්‍රතිලාභයක් නැති බවට සමාජ මාධ්‍ය මොර දෙන්නට විය. මාලෙන් ලැබුණ වීසා සහනය ලංකාවේ ඩොලර් එහි ඇද ගැනීමේ ලනුවක් බවට ද විග්‍රහ වේ.ඉන්දියාවට ගොස් රහස් ගිවිසුම් ගසා රට පාවාදුන් බවද චීනයට ගොස් රනිල් – කාංචන පදනම දැමූ ගිවිසුම අත්සන් කල ද මහින්ද හා රනිල් ලා පරිසර හේතු මත කර අරිමින් සිටි තෙල් පිරිපහදුවට අත්සන් කල බවට චෝදනා ආවේය. සජිත් උක් ගොවීන්ට කීවේ ආණ්ඩුවට ට්‍රිලියන ගණන් මුදල් තිබේ නම් ගොවියාට පොලු තියන්නේ ඇයි ද කියාය.
ආණ්ඩු විරෝධය හුදු දේශපාලනිකය. පැරදුනු පක්ෂ වල අය හිතේ අමාරුව මකා ගත්තේ ආණ්ඩුවේ අඩුපාඩු වලට ප්‍රහාර දීමෙනි. එම පිළිවෙත රටට පුරුදු කළේ ජවිපෙ බවට ද මතවාද පවතී.
එහෙත් සියල්ල වැසීයන පරිදි ආණ්ඩුවට දැවැන්තම ජයග්‍රහණය ලැබුණේ සිකුරාදා එළිවන යාමයේය.12% කට තිබූ ඇමෙරිකාවෙන් ලංකාවට ගැසු බද්ද 44% ක දැවැන්ත එකක් බවට පත්ව රටේ අපනයනය සසල කර තිබුණ පසුබිමක එය 20% දක්වා අඩුකිරීමට ඇමෙරිකාව තීන්දු කිරීම දැවැන්තම ජයග්‍රහණයක් වේ. එය ජනපති හා ආණ්ඩුව පෙළුන ජයග්‍රහණ නියගයට වැටුණ මල් වරුසාවක් විය.
ඉන්දුනීසියාව සිය බද්ද 19% දක්වා අඩුකර ගත්තේ ඩො බිලි 04 ක ගුවන්යානා ඇමෙරිකාවෙන් මිලදී ගන්නා එකගතා මතය. ජපානයේ බද්ද 15% ට බස්සවා ගත්තේ ඩො බිලි 05 ක දැවැන්ත ආයෝජන ඇමෙරිකවට දෙන ප්‍රතිඥා මතය. එහෙත් ඇමෙරිකාවට ආර්ථික ප්‍රතිලාභ දෙන ශක්තියක් ලංකාවට නැත. ඔවුන් සමග සාකච්ඡා කිරීම කරුණු වටහාදීම බිදලිය නොහැකි තර්ක ඉදිරිපත් කිරීම හා අධික බදු බර වැටුණොත් ලංකාව යළි කඩා වැටෙන බව තහවුරු කිරීම හැර විකල්ප තිබුණේ ද නැත.
එය ඉටු කිරීමට එරට තානාපති මහින්ද සමරසිංහගේ මැදිහත්වීම හා මූලිකත්වයෙන් සාකච්ඡා දෙකක් පැවැත්වින. එහිදී 44%ක බද්ද 30% දක්වා අවම කර ගැනීමට හැකිවින. එහෙත් කලාපයේ සෙසු රටවල බද්ද ඊට අඩුවීම නිසා ලංකාව තරඟයෙන් පරදින පසුබිමක් නිර්මාණය විය. තානාපති මහින්ද රට බංකොලොත් වූ සමයේ කළ කැපවීම ඉක්මවන කැපවීමක් මෙවර ද සිදුකරමින් සිය හැකියාව සබදතා හා අත්දැකීම් යොදා ගනිමින් ගේම ගැසුවේ ජනපති හා සෙසු ආණ්ඩු නායකයන්ගේ උපදෙස් හා මග පෙන්වීම මතය.
අවසන් තුරුම්බුව ලෙස ඇමෙරිකානු බදු කාර්යංශ ප්‍රධානියා හා නිළධාරීන් සමග ජනපති ගේ සූම් සාකච්ඡාවක් සංවිධානය කරන්නට ද මහින්ද ක්‍රියා කළේය.එහිදී ද සහන ලැබෙන පසුබිමක් නිර්මාණය නොවුණ ද ජනපතිගේ කරුණු දැක්වීම වැදගත් සන්ධිස්ථානයක් විය. එහෙත් ඇමෙරිකානු සාකච්ඡා අසාර්ථක බව හදුනෙත්ති රජයේ ස්ථාවරය කීවේය.
තානාපති මහින්ද මෙහෙයුම නතර නොකර සිය උපාය මාර්ග දියත් කළේය.මෙහෙයුම් හරහා බද්ද 20% ට අඩුකිරීමට ට්‍රම්ප්ට සානුකම්පිත සිතක් පහලවිය. සෙසු රටවලට අධික බදුබර පැනවීමෙන් ඇමෙරිකාවට ද අනිසි බලපෑම් එන බවට පළවූ විශේෂඥ මතවාද ට්‍රම්ප් නම්‍යශීලී කළේය. සියලු රටවලට බදු අවම කිරීමට ට්‍රම්ප් ක්‍රියා කළේ එම රටවල් ඇමෙරිකානු භාණ්ඩ වලට බදු බින්දුවට අඩුකිරීම තුළය. බද්ද 20% ට අඩුවීම ලංකාවට අස්වැසිල්ලකි.බදු තවත් අඩු කරන මෙහෙයුම දිගටම දියත්වේ. එය අපනයනකරුවන්ට හා රටේ ආර්ථිකයට ලැබෙන මහා අස්වැසිල්ලකි. මෙය මහින්ද සමරසිංහ සිය හැකියාව මොනවට පැහැදිලි කළ අවස්ථාවක් මෙන්ම ජනපති හා ආණ්ඩුව මෙතෙක් ලැබූ සුවිශේෂීම විජයග්‍රහණයකි. කජුසීයා හිටියා නම් 15% ට බස්සන බව එම හිතවාදීන්ගෙ මතය වේ.
මානව හිමිකම් ගැටලු නිසා අහිමිවූ GSP ප්ලස් යළි ලබා ගැනීමට 2017 දී රනිල් හා මහින්ද සමරසිංහ ලා ක්‍රියා කිරීම ඊට හේතු ලෙස දැක්වේ. GSP ජයග්‍රහණයත් ඉක්මවා ට්‍රම්ප් වැන්නෙකුගෙන් පිහාටු ලබාගත් මෙය ආණ්ඩුව හා ලංකාව ඉතිහාසයේ පැනපු විශාලම ජාත්‍යන්තර ආර්ථික පිම්මක් බව නම් ඒකාන්තය.
