ප්‍රදේශ රැසක ගංවතුර අවදානමක් : අවධානයෙන් සිටින්නැයි ජනතාවට දැනුම් දෙයි !

Date:

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, අදියර i යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, පාලින්දනුවර, වළල්ලාවිට, බුලත්සිංහල ප්‍රදේශත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට, අරණායක සහ දෙහිඕවිට යන ප්‍රදේශත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළය යන ප්‍රදේශවලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, නුවර එළිය යන ප්‍රදේශවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක යන ප්‍රදේශය සඳහාත් අවදානම් නිවේදන නිකුත් කෙරිණි.

එසේම අදියර ii යටතේ කුරුවිට, ඇහැළියගොඩ, කොලොන්න, අයගම, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල, කිරිඇල්ල, කහවත්ත, නිවිතිගල, රත්නපුර, කලවාන සහ පැල්මඬුල්ල යන ප්‍රදේශවලට ද අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම නිල්වලා ගංගා ද්‍රෝණිය, කැළණි ගඟේ කිතුල්ගල ප්‍රදේශය සහ කළු ගඟේ රත්නපුර ප්‍රදේශයේ ද ජල මට්ටම් ඉහළ යෑම් අඛණ්ඩවම සිදුවිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.

මීට අමතරව නාවලපිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර ඒ ආසන්න ප්‍රදේශයේ ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

තව ද කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුත් විවෘත කර ඇති බැවින් අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඒ සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...