*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඔලුගෙඩි මාරුකරන අවස්ථාවාදී දේශපාලනය එපා – විපක්ෂ නායක සජිත් (VIDEO)

මේ මොහොතේ රට නිවැරදි ගමන් මාර්ගයට ගෙන යා යුතු ක්‍රමවේද ගැන සාකච්ඡා වුණත් මේ බොහෝ සාකච්ඡාවල දක්නට ලැබෙනනේ ඔලුගෙඩි මාරු කර ගැනීමේ, ඇමති තනතුරු බෙදා ගැනීමේ දේශපාලන සූදුව බවත් මේ අවස්ථාවේ සිදු විය යුත්තේ තමන් ගැන හිතනවාට වඩා රට ගැන සිතීම වන අතර ඇමතිවරු වැඩිකරගෙන තවත් රටට බරක් නොවී නව ක්‍රමවේදයක් යටතේ ජාතික ඒකාබද්ධතා වැඩසටහනකට එළැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ හමුව අමතමිනි.

රට ගැන සිතීමටත්, රටට ප්‍රමුඛතාව දීමටත් කාලය එළැබ ඇති බවත්ආ ත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වයත් අවස්ථාවාදීත්වය වෙනුවට රටේ මිනිසුන් ගැන සිතිය යුතු බවත්, වරදාන වරප්‍රසාද ලබා ගෙන ජනතාව මත බර පටවනවා වෙනුවට ප්‍රබුද්ධ ලෙස රටේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එකාබද්ධ රට ගොඩනැගීම් වැඩසටහනට පක්ෂ විපක්ෂ සියලු දෙනාට පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් හරහා සාධනීය දායකත්වය ලබා දීමට හැකි බව කී ඒ මහතා, වරදාන ලබා ගෙන අධි සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට කාලය නොවන බවත්, මේ අවස්ථාවේ සිදු විය යුත්තේ සහභාගීත්ව සංවර්ධනයක් තුළින් රට ගොඩ නැගීම බවත් පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් තමන් ඇතුළු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විශ්වාසය තබන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan