මේ සතියේ ලිට්‍රෝ ගෑස් මිල අඩුකෙරෙන ප්‍රමාණය ගැන සභාපතිගෙන් ඉඟියක්

Date:

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල වැඩි කළ ප්‍රමාණයට වඩා වැඩි ගණනකින් මෙවර ගෑස් මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බවත් අනිවාර්යයෙන්ම අගෝස්තු 05 වනදා එම මිල අඩුකිරීම සිදුකරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

“අපි මීට දින 20කට කලින් කිව්වා වගේම මේ වෙනකොට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කරලා ඉවර කරලා තියෙනවා. මේ වෙනකොට අපි පොරොන්දු වුණා වගේම ගෑස්වල තිබුණු ඒ පෝලිම්, තදබදය 100%ක් අවම කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි තවත් කාරණයක් කියනවා නම් ලෝක වෙළඳපොලේ ගෑස්මිල අනුව අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම අගෝස්තු 05 වෙනිදා වෙනකොට ගෑස් මිල අඩුකරන්න. ඒක අපට සහතික කරලාම කියන්න පුළුවන්. ඒක සුබදායී කාරණයක් වෙයි ජනතාවගේ පැත්තෙන්. මම දැන් කැමති නෑ අඩුකරන මිල හරියටම රුපියල් ගාණකින් කියන්න. හැබැයි මම ඉඟියක් දෙන්නම්, අපි මේ මෑතකදී මිල වැඩිකරපු ගාණට වඩා වැඩි ගාණකින් මිල අඩුකරනවා. අපි රුපියල් 50කින් විතර තමයි වැඩි කළේ ඊයෙ පෙරේදා, හැබැයි ඊට වඩා වැඩි ගාණකින් අනිවාර්යයෙන්ම අඩු කරනවා. සාමාන්‍යයෙන් ඊට වඩා ගොඩක් වැඩි මුදලකින් තමයි අපි අඩුකරන්න බලාපොරොත්තු වෙන්නෙ”

මුදිත පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...