අපි රනිල්ට සහාය දුන්නේ අපේ මන්ත්‍රීවරුන්ගේ රැකවරණය පතා නෙවෙයි – පොහොට්ටුව (VIDEO)

Date:

තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේ ඒ මහතාගේ අත්දැකීම් සහ පරිණතභාවය නිල වශයෙන්ම බරපතළ ලෙස සැලකිල්ලට ගෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

“ඇයි අපි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළකරන්න තීන්දුවක් ගන්නෙ ? බර්මියුඩා ත්‍රිකෝණය ළඟදි නැවක් ආධුනික කපිතාන්වරයකුට පවරන්න බෑ. ඒ නිසා මේ අත්දැකීම් සහ පරිණතභාවය, දේශපාලනිකව ඔහු සතුව තිබෙන පරිචය අප නිල වශයෙන්ම බරපතළ ලෙස සැලකිල්ලට ගත්තා. මොකද, සමහරුන් මේ කාරණාව යම් යම් පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ රැකවරණය වෙනුවෙන් ගත්ත හුදු පෞද්ගලික තීරණයක් විදියට ලඝු කරන්න උත්සාහ කරනවා. මම ඉතාම පැහැදිලිව අවංකව කියන්න කැමතියි මන්ත්‍රීවරුන් විදියට අපවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් විදියටවත් ගරු ජනාධිපතිතුමන්ගෙන් කිසිදු පෞද්ගලික රැකවරණයක් අපේක්ෂා කරන්නේ නෑ”

සංජීව එදිරිමාන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...