*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

තරුෂි ගේ තරු ගුණය වටයක් ඉදිරියට

කොළොම්ඹියාවේ පැවත්වෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී කාන්තා මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන්නට තරුෂි කරුණාරත්න සමත් වූවාය.ඇය සහභාගී වූ මීටර් 400 තරගයේ දී තරුෂි සිව්වැනි ස්ථානය ලබමින් තත්පර 54.13 ක කාලයක් ගත කරමින්ය.ඇය කොළොම්ඹියාවේ කාලි නුවරට පැමිණ පැය නිහිපයක විවේකයෙන් පසුව තරගයට ඉදිරිපත් වෙමින් මෙම දස්කම පෑ අතර එම ඉසව්වේ තරුෂි ගේ හොඳම කාලය වන්නේ තත්පර 53.85 කි.

තරුෂි මෙම කණිෂ්ඨ තරගාවලිය සඳහා ඉහළින්ම සුදුසුකම් ලබා ගත්තේ මීටර් 800 ඉසව්වට වුව ද,ගුවන් ප්‍රවේශපත්‍ර සිද්ධියේදී නිලධාරීන් විසින් කරන ලද අතපසුවීම් හේතුවෙන් තරගාවලියට සහභාගි වන්නට නොහැකි විය.පසුව අවසාන මොහොතේදී ගුවන් ප්‍රවේශපත් සකස් කර තරුෂි පළමු කණ්ඩායම සමඟ කොළොඹ්ඹියාවට එවීමට සූදානම් වුවත් එහිදී ඇය සම්බන්ධ නිල තොරතුරක් බ්‍රසිලයට ලබා දීමට අපොහොසත් වීම නිසා තරුෂිට එන්නට සිදු වූයේ දෙවන ගුවන් යානයේ වන අතර ඇයට මීටර් 800 ට සහභාගී වන්නට හැකියාවක් නොවීය.
එසේම අද දවසේ දී තරුෂිගේ විවේකයම ලබා ගෙන දුෂ්කර තත්ත්වයක මීටර් 400 කඩුලු පැනීම නියෝජනය කළ අමේශා හෙට්ටිආරච්චි විනාඩි 01:02.11 ට තරගය නිම කරමින් එම තරගයේ හත්වැනියා බවට පත් වූවාය.තාක්ෂණිකව අතිශයින් අපහසු ඉසව්වකට ඉදිරිපත් වෙමින් තරග වැදීමෙන් ඇය තරගයේ පළමු දිනයේ මීටර් 110 කඩුලු ඉසව්වේ තරග වැදි කවීශ බණ්ඩාර වැනිම දිරියක් සහ ශක්තියක් පාමින් අමේශා කටයුතු කළාය.ඇයගේ මෙම ඉසව්වේ වාර්තා කර තිබෙන හොඳම කාලය විනාඩි 01:00.23 කි.

කෙසේ වුව තරගකාරීත්වය අනුව යමින් තරුෂි බොහෝ විට අවසාන පූර්ව වටයේදී තමන්ගේ හොඳම පෞද්ගලික කාලය එක කරමින් එම තරගය නිමා කරනු ඇතැයි විශ්වාස කළ හැකි අතර ඇය මෙවර ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන පූර්ව වටය දක්වා පැමිණි පළමු ක්‍රීඩිකාව බවට පත්වන්නේ ඇයගේ පියාගේ උපන් දිනය දවසේය.දුෂ්කර ගමන් විඩාව සමඟම දින ගණනක ටොරිංටක් පොළවේ තම පියා සමඟ ගත් කරමින් මේ තරගාවලියේ සිහිනය සැබෑ වන තෙක් දුක් විඳි තරුෂි,එතරම් කටුක තත්ත්වයක් හමුවේදී සිය මානසික පීඩනය දරාගන්නා තරගයට පිවිසි ආකාරයෙන්ම සිය පියාගේ උපන් දිනය සිය මුහුණු පොතින් සිහි කරන්නට ද අමතක නොකළ ආදරණිය දියණියකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan