*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ජපාන තානාපතිවරයා විදේශ කටයුතු ඇමති හමුවට

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා 2022 ජූලි 28 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ අභිනව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.

70 වන සංවත්සරය සනිටුහන් කරන මෙම වසරේ දී, දෙරටේ බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සබ්‍රි මැතිතුමා සහ තානාපති මිසුකොෂි මැතිතුමා මෙහිදී සාකච්ඡා පැවැත්වූහ.

ජපාන රජය ලබා දෙන කාලෝචිත උපකාර සහ සහයෝගය අගය කළ අමාත්‍යවරයා, වත්මන් ආර්ථික තත්ත්වය සහ අභියෝග අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳව ජපාන නියෝජිතයා දැනුම්වත් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.


විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 02 වැනි දින 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan