*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

බුර බුරා නැගෙන ජනතා විරෝධය වාරණවලින් නවත්වන්න බැහැ – AKD

කොළඹ LNW:ප්‍රජාතන්ත්‍රවාදය හකුළා,තහනම් නීති,වාරණ මඟින් මහජන විරෝධය නතර කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන්නේ ජනතා අරමුදල් කොල්ලකෑමට වන අතර එයට ඉඩ දිය යුතු නැති බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

“තමන්ගේ අර්ථසාධකය සඳහා මාස්පතා තමන්ගේ පඩියෙනුත්, හාම්පුතාත් ප්‍රමාණයක් දානවා. ඒකෙන් තමයි තමන්ගේ අරමුදල ශක්තිමත් වෙන්නේ. ඒ අරමුදල මහ බැංකුව විසින් පාලනය කරනවා. මහ බැංකුව ඒවා ආණ්ඩුවේ බැඳුම්කරවල ආයෝජනය කරනවා. සේවක අර්ථසාධක අරමුදල විතරක් නොවෙයි, තවත් මූල්‍ය සමාගම්, බැංකු, පෞද්ගලික හිමිකරුවන් භාණ්ඩාගාර බිල්පත්වල, බැඳුම්කරවල ආයොජනය කර තිබෙනවා. නමුත් දැන් ආණ්ඩුව අත තියන්න හදන්නේ සේවකයන්ගේ අරමුදල්වලට දෙන වටිනාකම් කප්පාදු කරන්න. ඒකට අපි ඉඩදිය යුතුද. නැහැ මේකට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. අපේ රටේ ආයෝජන කලාපවල සේවය කරන සේවක සේවිකාවන්ගේ, වතුකයේ වැඩකරන ජනතාවගේ, මාධ්‍යවේදීන්ගේ, පෞද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ, අරමුදල තමයි මේ අරමුදලේ තියෙන්නේ. රනිල් මේ සූදානම් වෙන්නේ ඒ අරමුදල මංකොල්ලකන්න. මේක වැඩකරන ජනතාවට අයිති සල්ලි. මේකට කිසි සේත්ම ඉඩ දිය යුතු නැහැ. මේ අරමුදල් මංකොල්ලකන්න හදන හොරා දැන් ගෙටම ඇවිත් ඉන්නවා. මේ රටේ ජනතාව තමන්ගේ අරමුදලේ ආරක්ෂාව වෙනුවෙන් පෙළගැහෙන්න ඕනේ. මේ පෙළගැසීම වළක්වන්න මර්දන නිීති ගෙනත් පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහලා හිතනවා. ප්‍රජාතන්ත්‍රවාදය අකුළලා, තහනම් නීති ගෙනත්, වාරණ නීතිවලින් මේ මහජන විරෝධය, වැඩ කරන ජනතාවගේ විරෝධය නතර කරන්න හදනවා.

ඉස්පිරිතාලවල බෙහෙත් නැතිව මිනිස්සු මැරනෙවා. ජනතාවගෙන් 68%කට හරිහමන් ආහාර වේලක් නැහැ. දරුවන්ට හරිහමන් ආහාර වේලක් දෙන්න නොහැකි, කුසගින්නේ වේදනාව වාරණයෙන් නතර කරන්න බැහැ. ගොවි ජනතාවට නෙළාගන්න අස්වැන්නට සාධාරණ මිලක් නැහැ. වී කිලෝ එකක් හදන්න රුපියල් 110/- 120/- විතර යනවා. කිලෝ එක ගන්නේ රුපියල් 75/-ට 85/-ට. ඒ ගොවි ජනතාවගේ වේදනාව, විරෝධය වාරණවලින් නවතන්න බැහැ. මේ පාලකයෝ දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව රට දුකෙන් දුකට පත් කළා. ජනතාව දුකෙන් දුකට පත් කළා. බුර බුරා නැගෙන ජනතාවගේ වේදනාව, ඒ නිසා නැගෙන සාධාරණ විරෝධය, වාරණවලින්, කඩදාසිවලින් නතර කරන්න බැහැ.”

ඒ අනුව ඒ සියල්ල පරාජය කර මේ පාලකයන් පළවා හැරීම සඳහා ටේ ජනතාව ජාතික ජන බලවේගය සමඟ ඒකාබද්ධව පෙරට එන බව විශ්වාස යැයි හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan