*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/02

  1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් හරහා ගමනාගමන සහ මහාමාර්ග අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ තිබූ සහස්ය ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතට පවරා ගෙන තිබේ.
  2. චීනයේ ප්‍රමුඛතම බලශක්ති හා රසායනික සමාගමක් වන සිනොපෙක් (Sinopec) මෙට්‍රික් ටොන් 4,950 ක පෙට්‍රල් සහ ඩීසල් රැගත් සිය පළමු ඉන්ධන තොගය Mt. SI CHOU ZHI LU නෞකාවෙන් මෙරටට ගෙන එයි: දෙවන ඉන්ධන තොගය අද දින මුදා හැරීමට නියමිතය: මේ අනුව ඉන්ධන පිරවුම්හල් 12 ක් වහාම ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා තිබේ.
  3. විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අභිලාෂ කැඳවීමේ නිවේදනය (EOI) අත් හිටුවා ටෙන්ඩර් කැඳවීමට අමාත්‍ය ටිරාන් අලස් තීරණය කරයි: එම අභිලාෂ කැඳවීමේ නිවේදනයේ පැවති යම් යම් තාක්ෂණික දුර්වලතා සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පැමිණිලි ලැබීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ: ඊට අදාළකටයුතු සඳහා විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කිරීමටත් ඒ අනුව, රටේ පවතින ආර්ථික තත්ත්වය හා අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන අලුතින් ටෙන්ඩරයක් කැඳවීමටත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කළ කැබිනට් පත්‍රීකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
  4. කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රු. 100 කින් අඩු කිරීමට දේශීය කුකුළු නිෂ්පාදකයන් එකඟ වූ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
  5. ප්‍රවීණ මාධ්‍යවේදී, රංගන ශිල්පී සහ හඬ කැවීම් ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි: සිරස නාලිකාවේ ‘සූර පප්පා’ ලෙසින් විකාශය වූ ජනප්‍රිය කාටූන මාලාවක් වන ‘ඇස්ටරික්ස් ඇන්ඩ් ඔබිලික්ස්’ හි ජූලියස් සීසර්ට සිංහලෙන් හඬකවන ලද්දේ ඔහු ය.
  6. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ විශේෂිත නිපුණතා රැකියා (SSW) සඳහා 2023 නිපුණතා පරීක්ෂණ සඳහා දින ප්‍රකාශයට පත් කරයි: නිපුණතා පරීක්ෂණ 2023 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පැවැත්වෙන අතර, ඊට මූලික භාෂා පරීක්ෂණ, සාත්තු සේවා සේවකයන්, ආහාර සේවා කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය ආදිය ඇතුළත් වේ: ප්‍රොමෙට්‍රික් වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකිය: http://ac.prometric-jp.com/testlist/ssw/index.html
  7. 2023 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ සමුච්චිත අපනයන ඉපැයීම් වසරින් වසර (YoY) 10% කින් ඇ.ඩො. බිලියන 5.87 දක්වා අඩුවීමක් වාර්තා කරන අතර, එම කාලය තුළ ආනයන වියදම වසරින් වසර 18.6% කින් ඇ.ඩො. බිලියන 8.16 දක්වා සැලකිය යුතු අඩුවීමක් දක්නට තිබෙන බව මහ බැංකු දත්තා පෙන්වා දෙයි: 2023 ජනවාරි සිට ජූනි දක්වා වෙළඳ ගිණුමේ හිඟය ඇ.ඩො. බිලියන 2.89 දක්වා අඩු වී තිබෙන අතර, එය 2022 එම කාලය තුළ වාර්තා වූ ඇ.ඩො. බිලියන 3.5 ට වඩා සැලකිය යුතු දියුණුවකි.
  8. වව්නියාව බන්ධනාගාරයේ සරම්ප එන්නත ලබා නොගත් සියලුම රැඳවියන් සඳහා එන්නත් ලබා දුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි: බන්ධනාගාරය තුළ සරම්ප රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් ලබා දී ඇති බව පවසයි: රැඳවියන් හතර දෙනෙකුට සරම්ප රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ බන්ධනාගාරය තාවකාලිකව වසා දැමුණු අතර ජූලි 25 වැනි දින සිට බන්ධනාගාරය වසා ඇත.
  9. තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභයේ පළමු වාරිකය අගෝස්තු මස මුල් සතිය තුළ ලබාදීමට සැලසුම් කර ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි: ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලින් 95%ක් පමණ විවෘත කර ඇති අතර, රාජ්‍ය බැංකුවල ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත: ර. 15,000, රු. 8,500 සහ රු. 5,000 වටිනාකම් යටතේ ප්‍රතිලාභීන් වෙත වාරික ලබාදීමට නියමිතය.
  10. ශ්‍රී ලංකා චෙස් ශූරී සුසල් ද සිල්වා, අසර්බයිජානයේ බාකු හි පැවැත්වෙන ජාත්‍යන්තර චෙස් සම්මේලනයේ (FIDE) ලෝක කුසලානයේ දෙවැනි වටයට පිවිසීමට සමත් වෙයි: 17 හැවිරිදි සිල්වා, අද සහ හෙට දින ප්‍රභල ප්‍රතිවාදියකු වන පෝලන්තයේ චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකුවන රඩොස්ලාව් වොජ්ටසෙක් සමඟ තරඟ වැදීමට නියමිත ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan