උමාරා කොටුකිරීමට යයි !

පසුගිය ජූලි 30 වනදා කොළඹ පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භක උත්සවයෙදී මෙරට සිටින ජනප්‍රිය ගායන ශිල්පිනියක වන උමාරා සිංහවංශ

ඔපෙරා ශෛලියෙන් ජාතික ගීය ඉදිරිපත් කිරීමේදී සිදුවූ සිදුවීමක් මාධ්‍ය හරහා මේවනවිට සමාජ ආන්දෝලනයක් බවට පත්කර තිබේ.

එහිදී ඇතැම් ජාතික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මෙකී සිදුවීම ජාතික ගීය විකෘති කිරීමක් ලෙස චෝදනා කරන අතර ඒ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හමුවේ හෙට (3)  දිනයේ පෙනී සිටින ලෙස ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම උමාරා සිංහවංශ ගායන ශිල්පිනියට දැනුම්දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහන් කළමනාකරුවකුගෙන් අද (2) ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදැයි අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීපය’ ට ප්‍රකාශකර තිබේ.

මීට අමතරව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ද එම විමර්ශන කණ්ඩායම විසින් අමාත්‍යාංශයට හෙට (03) කැඳවනු ලැබ සිටී. ජාතික ගීය ගායනා කළ ආකාරය සහ එහි තාලය නිවැරදි දැයි තොරතුරු දැනගැනීම සඳහා ඔහු මෙසේ කැඳවන බවද එම නිලධාරියා තවදුරටත් පවසා ඇත.

ජාතික ගීය විකෘති කර ගායනා කළා යයි කියන සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වනු ලබන්නේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විමර්ශන) ධම්මික මුතුගල ඇතුළු කණ්ඩායමක් විසිනි.

ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී එන්  රංජිත් අශෝක ට පසුගිය 31 වැනිදා උපදෙස් දුන්නේය. මේ පරීක්ෂණය ආරම්භ කෙරුණේ ඒ අනුවය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනම විමර්ශනයක් පවත්වයි.

‘කටහඬ කියන්නෙ තම තමන්ගෙ අයිතියක්. නමුත් කන කියන්නෙ සංස්කෘතික මෙවළමක්’ – ඉන්දිකා උපමාලි

කෙසේ නමුත් ඒ පසුබිමේ මේ සිදුවීම දඩමීමා කරගෙන ඇතැම් පාර්ශව විසින් මෙය ජාතිවාදී ප්‍රවණතාවක් වෙත ඇද දැමීමේ චේතනාන්විත හැසිරීමක් පෙන්නුම් කරමින් සිටියි.

ඒ බව ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය මෙන්ම විශේෂයෙන් සමාජ මාධ්‍ය නිරීක්ෂණයේ දී පැහැදිළිව පෙන්නුම් කරයි.

උමාරා සිංහවංශ ඉන්දුනීසියානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ගායිකාවක නමුත් ජාතිවාදී ප්‍රචාරකවාදීන් හුවා දක්වමින් සිටින්නේ, ඇගේ ඉන්දුනීසියානු සම්භවය මුස්ලීම් වන බැවින් මෙය මුස්ලීම්වරුන් වගකිව යුතු ජාතික ගීය හිතාමතා විකෘති කිරීමකට ලක්කරනු ලැබුවක් ලෙසයි.

ලංකාව මේ වන විටත් ජාතිවාදී – ආගම්වාදී පදනමින් සමාජය තුළ දැඩි ආන්තීරනයකට ලක්ව ඇති බව නොරහසක් වන අතර ඒ පසුබිමේ ජාතිවාදී ප්‍රවණතා ඉස්මතු කෙරෙන මේ ආකාරයේ සංවිධානාත්මක හැසිරීම් සමාජ ව්‍යසනයක් වෙත පාරකපන බව රහසක් නොවේ.

ආචාර්ය මහේෂ් හපුගොඩ

තිස් අවුරුදු සිවිල් යුද්ධය, දිගන ප්‍රහාරය, පාස්කු ප්‍රහාරය ආදී ලෙස මෙකී ජාතිවාදී – ආගම්වාදී අන්තවාදී හැසිරීම් මෙරට සමාජ – ආර්ථික දේහයට සිදුකළ හානිය සුළුපටු නැත. එවැනි ශාපලත් අත්දැකීමක් යළිත් ඇති කරන්නට ඉඩදී බලාසිටීම කොහෙත්ම පුරවැසි යුතුකමට නොගැළපෙන්නකි. එබැවින් යම් සිදුවීමක් පාදක කර ගනිමින් එය ජාතිවාදී ප්‍රවණතාවක් වෙත කැඳවා තවත් ව්‍යසනයකට වෙර දරන, මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වෙනුවෙන් දියත්කර ඇති නින්දිත ප්‍රචාර සම්බන්ධව විශේෂ අවධානයක් යොමුවිය යුතු බව සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය මහේෂ් හපුගොඩ අවධාරණය කර සිටියි.

Theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...