ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ වොෂින්ටනය යුද නැව් සහ ප්‍රහාරක බලඝණයක් මැදපෙරදිගට යවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හමාස් සංවිධානයේ සමස්ත නායකයා ලෙස සලකන 62 හැවිරිදි ඉස්මයිල් හනියේ මෙම සතිය මුලදී ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ටෙහෙරානයේ දී මිය යාමත් සමඟ ඊට පලිගැනීමක් වශයෙන් සෘජුවම ඊශ්‍රයලයට පහර දෙන ලෙස ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි නිවේදනය කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපදය අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යොදවනු ඇති බව පෙන්ටගනය පවසයි.

මේ වන විට හනියේගේ මරණයත් සමඟ කලාපය තුළ ආතතීන් ඉහළ මට්ටමක පවතීන අතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ උපායමාර්ගික සන්නිවේදන සම්බන්ධීකාරක ජෝන් කර්බි සඳහන් කර තිබුණේ, අපේක්ෂිත ඉරාන ප්‍රහාරය ඉදිරි දිනවලදී සිදුවිය හැකි හෙයින් සටන් ව්‍යාප්ත නොකරන ලෙස කලාපීය සටන්කාමී කණ්ඩායම්වලට ඉතා ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවා ඇති බවයි.

කෙසේ නමුත් හදිසි අවස්ථාවක් වෙනුවෙන් පෙන්ටගනයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් සබ්‍රිනා සිංගේ ප්‍රකාශයකට අනුව ඕමාන් බොක්කෙහි දැනට ක්‍රියාත්මක වන යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් ප්‍රහාරක කණ්ඩායම, ඔස්ටින් ප්‍රහාරක බලඝණයක්, බැලස්ටික් මිසයිල ආරක්ෂණය කළ හැකි විනාශකාරී යාත්‍රා සහ කෲසර් ද මැදපෙරදිග සහ මධ්‍යධරණී මුහුදට යවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...