ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ වොෂින්ටනය යුද නැව් සහ ප්‍රහාරක බලඝණයක් මැදපෙරදිගට යවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හමාස් සංවිධානයේ සමස්ත නායකයා ලෙස සලකන 62 හැවිරිදි ඉස්මයිල් හනියේ මෙම සතිය මුලදී ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ටෙහෙරානයේ දී මිය යාමත් සමඟ ඊට පලිගැනීමක් වශයෙන් සෘජුවම ඊශ්‍රයලයට පහර දෙන ලෙස ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි නිවේදනය කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපදය අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යොදවනු ඇති බව පෙන්ටගනය පවසයි.

මේ වන විට හනියේගේ මරණයත් සමඟ කලාපය තුළ ආතතීන් ඉහළ මට්ටමක පවතීන අතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ උපායමාර්ගික සන්නිවේදන සම්බන්ධීකාරක ජෝන් කර්බි සඳහන් කර තිබුණේ, අපේක්ෂිත ඉරාන ප්‍රහාරය ඉදිරි දිනවලදී සිදුවිය හැකි හෙයින් සටන් ව්‍යාප්ත නොකරන ලෙස කලාපීය සටන්කාමී කණ්ඩායම්වලට ඉතා ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවා ඇති බවයි.

කෙසේ නමුත් හදිසි අවස්ථාවක් වෙනුවෙන් පෙන්ටගනයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් සබ්‍රිනා සිංගේ ප්‍රකාශයකට අනුව ඕමාන් බොක්කෙහි දැනට ක්‍රියාත්මක වන යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් ප්‍රහාරක කණ්ඩායම, ඔස්ටින් ප්‍රහාරක බලඝණයක්, බැලස්ටික් මිසයිල ආරක්ෂණය කළ හැකි විනාශකාරී යාත්‍රා සහ කෲසර් ද මැදපෙරදිග සහ මධ්‍යධරණී මුහුදට යවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණාට ජය සළකුණු පෑදුණු තරගාවලියක් – ශ්‍රී ලංකාවට අලුත් බලාපොරාත්තුවක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: පළමුවන දකුණු ආසියාතික ෆුට්සාල්...

ප්‍රවීණ මාධ්‍ය­වේ­දි­යකු අවසන් ගමන් යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා වෘත්තීය...

‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන අද (27) ජනපති ප්‍රධානත්වයෙන්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : බුද්ධශාසන, ආගමික සහ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...