ජනාධිපති ට්‍රම්ප් ලබා දී ඇති සහනය යහපත් , එහෙත් අභියෝගය බලවත් – කරු ජයසූරිය(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය)

Date:

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරනු කැමැත්තෙමු.


සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස, එහි දී ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ද විශේෂයෙන්ම රටේ ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති සැලසුම් කරන්නා වූ ආයතනයන්ගෙන් මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් හා වෘත්තීය සංවිධානයන්ගෙන් ද ඉල්ලා සිටින්නේ මතුවිය හැකි අභියෝග පිළිබඳව සාමුහිකව එක් වී ඉදිරි සැලසුම් සකස් කර ගන්නා ලෙසට ය.


එහි දී අප අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමු කල යුතු අංශ ගණනාවක් තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය සැලකීමේ දී සැලකෙන්නේ අඩුම ඵලදායීතාවයක් ඇති රටක් ලෙසට ය. එමෙන්ම විදුලි ගාස්තු අතින් ද පවතින්නේ ඉහළම මට්ටමක ය. ලෝකයේ වැඩිම නිවාඩු සහිත රටක් ලෙස අප සිටින්නේ කර්මාන්ත අධෛර්යමත් කරන පරිසරයක ය. එයට අමතරව වරාය හා අනෙකුත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි නිරතුරුව සිදු වන වැඩ වර්ජන හේතුවෙන් ද අප රටේ නිෂ්පාදන අංශයට එල්ල කරන්නේ මාරාන්තික තර්ජනයකි.


මෙම තත්ත්වයන් කෙරෙහි අප වඩා වැඩි අවධානයක් යොමුකල යුත්තේ අප හමුවේ තරඟ කරන ආසියානු කලාපයේ අනෙකුත් රටවල් පවත්වාගෙන යන නිෂ්පාදන හිතකර වාතාවරණයන් සැලකිල්ලට ගනිමිනි. එසේ පරිවර්තනීය යුගයකට පිවිසෙන්නේ නැතිව අපනයන ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජයගත නොහැකි වනු ඇතැයි යන්න අපගේ විශ්වාසය යි.


එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ද පුද්ගලික අංශය නියෝජනය කරන ව්‍යවසායක ප්‍රජාවගෙන් මෙන්ම දේශමාමක ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ සැබෑ යථාර්ථය තේරුම් ගනිමින් අප ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම සඳහා සාමුහිකව කටයුතු කරන ලෙසට ය.

කරු ජයසූරිය
නායක
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...