*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/03

  1. වත්මන් වෛද්‍ය ආඥාපනතේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින්, වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්‍ෂා කිරීමේ අරමුණින් මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කිරීමට ජනාධිපති වික්‍රමසිංහ උපදෙස් දෙයි: වෛද්‍ය ආඥාපනතේ විධිවිධාන පරීක්ෂා කර සුදුසු ප්‍රතිපාදන සහිත නව වෛද්‍ය පනතක් සම්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්, නීති කෙටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර තිබේ.
  2. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ යෝජනා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කරනු ඇති බවට වාර්තා වේ: අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් ද නිකුත් කිරීමට නියමිත බව සඳහන්: 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කරුණු ඉදිරිපත් කරනු ඇති බව සඳහන්.
  3. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් අගෝස්තු 01 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි ජල ගාස්තු සංශෝධනය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි: සමෘද්ධි ප්‍රතිලාභීන් සහ වතුකරයේ පදිංචිකරුවන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම සංශෝධනයෙන් බලපෑමක් සිදු නොවන බව සඳහන්.
  4. අද දින සිට වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආගමන/විගමන කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව ආගමන/විගමන දෙපාර්තමේන්තුව පවසයි: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවතින තදබදය අවම කර ගැනීමට සහ පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම සීමාව පනවා ඇත.
  5. මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ට එක්සත් ජාතික පක්ෂය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීම එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි: කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය යළි ලබා දීමට ද කටයුතු කරයි: එක්සත් ජාතික පක්ෂය හැර දමා සමඟි ජන බලවේගයට එක්වීමට ඔවුන් දෙදෙනා විසින් ගත් තීරණයත් සමඟ ඔවුන් හට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙසේ තහනමක් පනවා තිබිණි.
  6. 2023 එල්පීඑල් ක්‍රිකට් කුසලාන තරඟාවලියේ සමාරම්භක උළෙල අවස්ථාවේ ජාතික ගීය ගායනා කළ අන්දමින් සිත් රිදවීමක් ඇතිවූ සෑම දෙනෙකුගෙන්ම තමා සමාව ඉල්ලන බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පවසයි.
  7. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි මහවැලි කලාපයේ පවුල් 15,000ක් සඳහා ඉඩම් ඔප්පු බෙදාදීම මේ වසරේ අගෝස්තු මස දෙවැනි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ පවසයි: මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු නොමැති පවුල් 20,000කට ඉඩම් ඔප්පු ලබාදීමට පියවර ගෙන ඇති බව ද පවසයි.
  8. ‘සිලෝන් තේ’ සහ කුරුඳු මිල සීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බැවින් කුඩා තේ වතු හිමියන්ට සහ කුරුඳු වගා කරන්නන්ට වතුකරයේ පැවැත්ම දුෂ්කර වී ඇති බවට කුඩා වතු හිමියෝ පවසති: නැවුම් තේ දළු කිලෝවක මිල මීට මාස කිහිපයකට ඉහත රු. 300 දක්වා ඉහළම අගයක් වාර්තා කළ අතර, මේ වන විට එය රු. 150 දක්වා විශාල ලෙස පහත බැස ඇත: 2022 ආර්ථික අර්බුදයට පෙර, තේ අපනයනවලින් වාර්ෂිකව ඇ.ඩො. බිලියන 1.3 ක ආදායමක් ඉපයූ අතර, එය සමස්ත ගෝලීය තේ නිෂ්පාදනයෙන් 5% ක් විය: එම අගය වසර 23කට පසු මෙසේ අඩුම මට්ටමට පහත වැටී ඇත.
  9. සැප්තැම්බර් 02 වන දිනට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලින් සමන්විත වන පරිදි උතුරු පළාතේ දෙවන පොල් ත්‍රිකෝණය මෙම වසරේ දියත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි: මෙම වසරේ තේ කි.ග්‍රෑ මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව ද පවසයි.
  10. අවම කාමර ගාස්තුව (Minimum Room Rate) හරහා සංචාරක ව්‍යාපාරය නැවත ගොඩගැනීමට කිරීමට ශ්‍රී ලංකාවට ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව අපතේ නොයැවිය යුතු අතර එය සංචාරක පැමිණීම්වලට බලපෑමක් එල්ල නොකළ යුතු මුත් අවශ්‍ය ඉහළ විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවිය යුතු බව ශ්‍රී ලංකා හෝටල් සංගමය පවසයි: නාගරික හෝටල් කාමර ඇණවුම් කිරීම්වලින් හෝටල් කලමනාකරණ සමාගමට ලැබෙන්නේ 20% පමණක් බැවින් තරු පහේ ද්විත්ව කාමරයක් එක රාත්‍රියකට ඇ.ඩො. 60 කට විකිණීම තවදුරටත් පිළිගත නොහැකි අතර, ඉහළ කාමර ගාස්තුවක් අය කිරීම මඟින්, රජයට, හෝටල්වලට මෙන්ම ආර්ථිකයට ද දායකවන බව පෙන්වා දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan