ETF පොළිය අඩුකිරීමට එරෙහිව පෙත්සමක්!

කොළඹ LNW: අර්ථසාධක අරමුදලේ මුදල් අයෝජනයේදී ගෙවන පොළිය 09% දක්වා අඩුකිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (04) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී 12%ක පොළිය 9% දක්වා අඩු කර ඇති බවයි පෙත්සම්කරු පවසන්නේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් පෙනී සිටින අතර ඔහු පැවසුවේ මෙම කරුණට අදාළව අගෝස්තු 11 වනදා රජය තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

ඒ අනුව හදිසි නඩු කටයුක්තක් බැවින් එය සළකා බැලීම සදහා කෙටි දිනයක් ලබා දෙන ලෙසයි සුමන්තිරන් මහතා ඉල්ලාසිටියේ.

රුපියල් ට්‍රිලියන 3.4 ක දායක මුදලක් සේවක අර්ථසාධක අරමුදල සතු බව පෙත්සමේ සඳහන් කර තිබෙන අතර ඉන් 90% ක් අයෝජනය කර ඇති බවද පෙත්සම්කරු පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...