ඉස්මයිල් හනියේගේ ඝාතනයේ හෙලිදරව් රැසක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය බදාදා හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනය කර ඇත්තේ ඔහුගේ නිවසට ආසන්න ස්ථානයක  සිට එල්ල කළ ප්‍රහාරයකින් බව ඉරානය නිවේදනය කරයි.

ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකාය නිවේදනය කරන්නේ, හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කෙරුණා. ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය කළ ප්‍රහාරයකින් ඔහු මිය ගිය බවයි.

නව ඉරාන ජනාධිපති මසුද් පෙසේශ්කියන් දිවුරුම් දුන් උත්සවයට සහභාගී වීමෙන් පසුව ඔහු නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රහාරය එල්ල වූ අතර, කිලෝග්‍රෑම් 07 ක බරින් යුතු පුපුරණද්‍රව්‍ය මෙම ප්‍රහාරය සදහා යොදා ගෙන තිබෙන බව සඳහන් වේ. ප්‍රහාරයෙන් හනියේ පෞද්ගලික ආරක්ෂකයා ජීවිතක්ෂයට පත් වුණා. ඊශ්‍රායල ප්‍රහාරය සදහා  ඇමෙරිකාව පූර්ණ සහාය දක්වා ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

62 හැවිරිදි හනියේ 1980 අග භාගයේ සිට හමාස් සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. 1989 දී පලස්තීන කැරැල්ල මැඩලීමත් සමඟ ඊශ්‍රායලය හනියේ වසර තුනක් සිරගත කළා. ඉන්පසුව 1992 දී ඔහු හමාස් නායකයින් ගණනාවක් සමඟ පිටුවහල් කරනු ලැබුවා. හමාස් ජාතික මැතිවරණවලදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමෙන් පසු ජනාධිපති මහමුද් අබ්බාස් විසින් 2006 දී හනියා පලස්තීන අගමැති ලෙස ද පත් කළා. 2017 දී ඔහු හමාස් දේශපාලන අංශයේ ප්‍රධානියා ලෙස තේරී පත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...