මහබැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයාය කියා මං කිසිම වෙලාවක කියලා නෑ – බන්දුල

0
635

සටහන – රුවන් නෙළුගොල්ල

මහබැංකු බැඳුම්කර වංචාව සිදු කළේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් යැයි තමන් කිසිදු විටෙක ප්‍රකාශ කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“මම කිසිම වෙලාවක කියලා නැහැ මහා බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. එතුමා පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ .ඒ වගේ දෙයක් තමා එතැන වෙලා තියෙන්නේ”

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.