හසීනා ගෝ හෝම් අරගලේ 52ක් මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා නැවත වීදිවලට ​​පැමිණි දස දහස් ගනනක් විරෝධතාකරුවන් අතරින් 52 දෙනෙකු මේ වන විට මරණයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ස්ටන් ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කිරීම නිසා බංග්ලාදේශයේ නව වටයක ප්‍රචණ්ඩත්වයක් ආරම්භව වී තිබේ.

රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා සිසුන් 200 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූ ජුලි මාසයේ පෙර විරෝධතාවලින් පසුව උද්ඝෝෂකයන මේ වන විට හසීනාට ඉල්ලා අස් වන ලෙස බලකරමින් සිටියි.

මේ වන විට බංග්ලාදේශ රජය විසින් අන්තර්ජාල ප්‍රවේශය අවහිර කර ඇති අතර සඳුදා සිට බදාදා දක්වා නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම වෙඩි තැබීමට ඇඳිරි නීතිය පනවා ඇති අතර විරෝධතාවයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති හසීනා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, විරෝධතා නාමයෙන් කඩාකප්පල්කාරී ක්‍රියා කරන විනාසකරිව හැසිරෙන අය තවදුරටත් සිසුන් නොව අපරාධකරුවන් බවත්, ඔවුන් සමඟ ජනතාව අත්වැල් බැඳ නොගත යුතු බවත්ය.

සබැඳි පුවත් :

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...