ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාසට !

0
302

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

එම පක්ෂ මූලස්ථානයේදී අද (04) පැවති පක්ෂ උත්තරීතර මණ්ඩලයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කර කොන්දේසි සහිතව ඒ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බවයි රවුෆ් හකීම් මහතා සඳහන් කළේ.