විදුලිය, ඛනිජතෙල් සහ සෞඛ්‍ය ක්ෂේත්රවල සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ (03) දිනයේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව,
- විදුලිබල සැපයුම සම්බන්ධ සියලුම සේවාවන්
- ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම
- රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා හෝ සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම, රැකවරණය, පෝෂණය, ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය
අත්‍යාවශ්‍ය සේවාවන් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
RN