බන්ධනාගාර කොමසාරිස් ධුරය පිරවීමට රජයේ ප්‍රමාදයට හේතුව..

රෂිකා හෙන්නායක අගෝස්තු 04 , කොළඹ LNW :

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරය සඳහා නව නිලධාරියෙකු ස්ථීරව පත් නොකිරීමට හේතු වී ඇති කරුණු පිළිබදව අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ , හිටපු කොමසාරිස්වරයා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතු අවසන් වන තෙක් එම තනතුර සඳහා ස්ථීර පමවීමක් සිදු කළ නොහැකි බවයි.

වර්තමානය වන විට එම තනතුරේ රාජකාරි කටයුතු මෙහෙයවීම සඳහා වැඩබලන නිලධාරියෙකු යොදවා ඇති අතර, පරීක්ෂණ නිම වන තෙක් එම තත්ත්වය නොවෙනස්ව පවතිනු ඇති බවද කියා සිටියේය.

අදාළ පරීක්ෂණවලින් හිටපු නිලධාරියා නිවැරදිකරු වුවහොත් ඔහුට නැවත සේවය ලබා දීමටත්, වරදකරු වුවහොත් නව අයෙකු පත් කිරීමටත් බලධාරීන් අපේක්ෂා කරන බවද කියා සිටියේය.

වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ,

“හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් දියත් වෙමින් පවතිනවා. පරීක්ෂණයක් දියත් වෙමින් පවතිනකොට ඕනෑම නිලධාරියෙකුට ඔහු පරීක්ෂණයෙන් වරදකරු කරලා ඔහු සේවයෙන් අහිමි කරන තෙක් සිදුවන්නේ වැඩබල කෙනෙක් පත් කිරීම පමණයි. පරීක්ෂණ අවසන් වුණොත් අපිට පුළුවන් වේවී ඔහු නැවත සේවයේ පිහිටුවන්න. වරදකරු වුණොත් අලුත් කෙනෙක් ස්ථීරව පත් කරන්න පුළුවන් කම තියෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...