රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW :
දෙහිවල කඩවත පාරේ පිහිටි ක්‍රීඩාංගණයක් අසලදී බේකරි හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි තැබීමේ උත්සාහයක් අසාර්ථක වී තිබේ.
මුහුණු ආවරණය කර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ප්‍රහාරය එල්ල කිරීමට තැත් කළද, එම අවස්ථාවේදී ගිනිඅවිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් විශාල අනතුරක් වැළකී ඇත.
එහිදී වින්දිතයා සැකකරු සමඟ පොරබදා ඔහුගේ ගිනිඅවිය උදුරා ගැනීමට සමත් වී ඇති අතර, වෙඩික්කරු එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.
මෙම සිදුවීමෙන් බේකරි හිමිකරු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ. දැනට පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.


