රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ,  විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ ද අඩාල වීමේ අවදානමක් මතුව ඇත.

මේ වනවිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 400 ක පමණ හිඟයක් පවතින බවයි ධර්මවික්‍රම මහතා පවසන්නේ.

දැනට අක්‍රීය වී ඇති CT, PET හා MRI ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියා කළ ද එහි සේවා සිදු කිරීමට කාර්ය මණ්ඩලය නොමැති තත්ත්වයක්ද මතුව ඇති  අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා  පැවසුවේ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බවයි.

ඊට අනුමැතිය ලද වහා බඳවා ගැනීම් සිදුකරන බවද ධර්මවික්‍රම මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...