රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ,  විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ ද අඩාල වීමේ අවදානමක් මතුව ඇත.

මේ වනවිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 400 ක පමණ හිඟයක් පවතින බවයි ධර්මවික්‍රම මහතා පවසන්නේ.

දැනට අක්‍රීය වී ඇති CT, PET හා MRI ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියා කළ ද එහි සේවා සිදු කිරීමට කාර්ය මණ්ඩලය නොමැති තත්ත්වයක්ද මතුව ඇති  අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා  පැවසුවේ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බවයි.

ඊට අනුමැතිය ලද වහා බඳවා ගැනීම් සිදුකරන බවද ධර්මවික්‍රම මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...