රජයේ තොරතුරු ඩිජිටල් කරන්න යයි!

කොළඹ LNW:මහා භාණ්ඩාගාරය හා සම්බන්ධිත රජයේ ප්‍රධාන තොරතුරු පද්ධති ඩිජිටල්කරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

ඒකාබද්ධ කළමනාකරණ තොරතුරු පද්ධතියට (ITMIS) රාජ්‍ය ආයතන සියල්ල කඩිනමින් ඇතුළත් කරගැනීම උදෙසා ගතයුතු ඉදිරි පියවරයන් සාකච්ඡා කිරීමට සහ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) මනා ලෙස උපයෝගී කරගැනීමට සිදුකළ යුතු වෙනස්කම් හා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව මෙන්ම, සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...