හසීනා තීරණයක් ගනී!

0
589

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දැඩි ජනතා විරෝධය හමුවේ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉවත් වීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, සිය අගමැති නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙර බව සඳහන් වේ.

මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී තිබේ.

පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.