(VIDEO):රනිල්ට පිටුපා පොහොට්ටුව ගහපු ගේම් එක එළියට. ප්‍රමිත බණ්ඩාර A to Z කියයි!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණයක් ගෙන තිබුණද එදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ පසු රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස පක්ෂය දැනුම් දුන් අතර එදා ඔය කියන දේශපාලන මණ්ඩල කිසිවක් හෝ මන්ත්‍රීවරුන් කිසිවෙකුගෙන් විමසීමක් නොවුණු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.

තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ දඹුල්ලේදී පැවති මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීම අමතමිනි.

මේ මොහොතේ මතුව තිබෙන ප්‍රශ්නය වන්නේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය නම් ඒ ප්‍රතිපත්තිය අතෙන් ලියපු ඩලස් අලහප්පෙරුම මහතාව එදා පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරාපත් කරගැනීමේ සටනින් පරාජය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යුතුකමක් හෝ අයිතියක් නොමැති බවයි තෙන්නකෝන් මහතා කියාසිටියේ.

නමුත් ඒ මොහොතේ වැදගත් තීන්දුවක් ලෙස පක්ෂය ගත් තීරණයට සියලු දෙනා සහය පළකළ බව ඔහු සඳහන් කළේය.

කකුලෙන් ඇදිලි, බාධාවන් පැවතියදී කෙසේ හෝ දේශපාලන මතිමතාන්තර පසෙකින් තබා එකතු වී වැඩ කර රටේ තිබුණ පීඩාව නැති කළ බවත් පෝලිම් අවසන් කළ බවත් ඒ නිසාම සියලු දෙනාට පාරේ බැස යාමට මෙන්ම දේශපාලනය කිරීමටද අවස්ථාව ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

කවුරු කවුරුත් දැන් මේ පොළවේ බැහැල දේශපාලන කරන්නේ මහ ගින්දරක් නිවපු නිසා බවට අමතක කළ යුතු නැති බවද හෙතෙම අවධාරණය කරන ලදී.

මේ අතර එදා ගෝල්ෆේස් අරගලයට පහර දීමේ ක්‍රියාවලියේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පසුවටත් හැසිරුණ ආකාරය ගැන තමන්ට ඇත්තේ කලකිරීමක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවී සිටි බොහොමයක් පක්ෂ දැන් ඉන් ඉවත්ව සිටින බවත් මේවා සිදුවූයේ කෙසේද යන්න පිළිබඳවත් සිතා බැලිය යුතු වන බවයි තෙන්නකෝන් මහතා පැහැදිලි කළේ.

පැවති වටපිටාවන් අනුව පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන ලෙස ඉල්ලා සිටි අතර පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සිටින බහුතරයක් දෙනා ගැනද නොදන්නා බවත් දැක නොමැති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව තවදුරටත් පක්ෂයට අවශ්‍ය පරිදි සෙල්ලම කිරීමට ඉඩ දිය නොහැකි බවද ඔහු අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...