රනිල්ට මාස දෙකක් දීලා බලමු. එතුමාට බැරි නම් ඊළඟට අරගලයට බහින්නේ අපි – රතන හිමි (VIDEO)

Date:

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාස දෙකක කාලයක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

“මහජනයාට මේ සහන දෙන්න පුළුවන්, ඒකට මාස දෙකයි යන්නෙ. තවමත් මේ කෙටිකාලීනව දෙන්න ඕනෙ විසඳුම හදලා නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට දැන් කාලයක් වැඩකරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම එතුමා ගැන කිව්වොත් අපට එතුමා ආපු ගමන්ම ගෝ හෝම් කියන්නෙ නැතුව, රට අරාජික කරන්නෙ නැතුව අපි බලමු මාස දෙකක්. ඒ මාස දෙක ඇතුළේ එතුමා ඒ වැඩේ හරියට කරන්නෙ නැත්නම්, එතුමාට කරන්න බැරි නම් අපේ රට අපට ඕනෙ, අපේ රට අපි ගොඩනගන්න ඕනෙ, දරුවන් ඉස්කෝලෙ යන්න ඕනෙ, ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික තියෙන්න ඕනෙ. ඔහුට කරන්න බැරි නම් මේ රට අපේ දෝතට ගන්න ඕනෙ. මහජන අරගලයට ඉන් පස්සෙ එකතුවෙන්නෙ අපි”

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...