ඊළඟ මාස හය හොඳටම අමාරුයි, මැජික් පෙන්නන්න බෑ – රනිල්

Date:

ඉදිරි මාස 06 ක කාලය අතිශය දුෂ්කර වකවානුවක් වියහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි තත්වයන්ට එම කාලසීමාව තුළදී මුහුණදීමට සිදුවනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

අකමැත්තෙන් වුවද එම තත්වයට මුහුණදීමට සිදුවන බවත්, එය මගහැර යා නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (05) කොළඹදී පැවති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

මුහුණදීමට ඇති අතිශය බැරෑරුම් තත්වයෙන් යම් ප්‍රමාණයකට හෝ මිදීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම එකම විසඳුම බවත්, මේ වනවිටත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිකර ගැනීමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ කවුරුන් අකමැති වුවද IMF සහාය ලබා ගැනීමට සිදුවන බවයි.

යම් දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංවිධානයක් හෝ මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට විරෝධය දක්වන්නේ නම්, ගතහැකි විකල්ප විසඳුම් මොනවාද යන්න පිළිබඳව යෝජනා ඉදිරිපත් කළයුතු බව වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් මේ දක්වා කිසිදු පාර්ශ්වයක් විකල්ප විසඳුම් යෝජනා කර නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

වත්මන් අර්බුදයට ප්‍රධාන හේතුව මෙතෙක් අනුගමනය කළ පැරණි ආර්ථික ප්‍රතිපත්ති බැවින් තවදුරටත් එම අසාර්ථක පැරණි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම වෙනුවට අලුතින් සිතා නවීන ආර්ථික සැළසුම් සකස් කළයුතු බවත් එසේ නොමැතිව සාර්ථක දිගුකාලීන ජයග්‍රහණ අත්පත් කරගත නොහැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...