කොමන්වෙල්ත් ගේම්ස් අතරතුර අතුරුදන් වූ දෙදෙනෙකු අල්ලයි !

Date:

එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු, ක්‍රීඩිකාවක හා පුහුණුකරුවෙකු අතුරුදන්ව සිටින බව පසුගියදා වාර්තා විය. ඔවුන් තිදෙනා කිසිවෙකුට නොදන්වා කණ්ඩායම හැරගොස් ඇති බවයි වාර්තා වී තිබුණේ.

ජූඩෝ ක්‍රීඩිකාවක, ජූඩෝ පුහුණුකරුවෙකු සහ රෙස්ලිං ක්‍රීඩකයෙකු මෙසේ අතුරුදන්ව තිබිණි.

බ්‍රිතාන්‍ය පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී ඉන් දෙදෙනෙකු සොයා ගැනීමට සමත්ව තිබේ. 30 හැවිරිදි කාන්තාවක සහ 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලීසියට හසු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තිදෙනාගේ අතුරුදන්වීම වාර්තාවීමත් සමග කණ්ඩායමේ සියලුදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර කණ්ඩායම් කළමනාකරුවන් භාරයට ගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...

යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ...

සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදාවෙන් හානි: රජයෙන් ලක්ෂ දෙක බැගින් වන්දි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සත්ත්ව ගොවිපල 16000...

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...