රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීමේ සැකකාර පොලිස් නිළධාරීන්ට ඇප

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයක් අතරතුර වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් ඇපමත මුදා හැරීමට කෑගල්ල මහාධිකරණය අද නියෝග කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු බන්ධනාගාර ගත කර තිබිණි.

දැඩි ඇප කොන්දේසි මත සැකකරුවන් මුදා හැරීමටයි මහාධිකරණය තීරණය කළේ.

පසුගිය අප්‍රේල් 19 වැනිදා ඉන්ධන ඉල්ලා ජනතාව රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම්හල අසල විරෝධතාවයක් ආරම්භ කළ අතර මේ නිසා දුම්රිය ධාවනයටද බාධා සිදුව තිබිණි.

තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා තිබූ අතර එහිදී පොලිස් නිළධාරීන් හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇතිවිය. එහිදී පොලිස් නිළධාරීන් විරෝධතාකරුවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ අතර 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලැබීය.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව වාර්තා වූ අතර පොලිස් අධිකාරීවරයා සහ වෙඩි ප්‍රහාර එල්ල කළ පොලිස් නිළධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...