රෂිකා හෙන්නායක අගෝස්තු 05 , කොළඹ LNW :
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා එක් දින නිල සංචාරයක් සඳහා අද කොළඹට පැමිණියේය.
මෙම සංචාරය අතරතුර, මිස්රි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද හමුවීමට නියමිතය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, දැනටමත් ක්‍රියාත්මක වන ඉහළ මට්ටමේ සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සහ දෙරට අතර ප්‍රධාන සහයෝගීතා ක්ෂේත්‍ර ඉදිරියට ගෙන යාම මෙම සංචාරයේ අරමුණයි.



