දශක තුනක BJP බලකොටුව බිඳ වැටෙයි; ශිෂ්‍ය විරෝධතා දේශපාලනය උණුසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) දශක තුනකට ආසන්න කාලයක් තමන් සතු වූ බිහාර ප්‍රාන්තයේ බන්කිපූර් (Bankipur) මැතිවරණ කොට්ඨාසයේ අතුරු මැතිවරණය පරාජයට පත්ව තිබේ.

මෙම ජයග්‍රහණය ප්‍රශාන්ත් කිෂෝර්ගේ Jan Suraaj පක්ෂය විසින් හිමිකර ගෙන ඇති අතර විපක්ෂය පවසන්නේ, රටපුරා පැවති “Cockroach” ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් තරුණ ඡන්දදායකයන් අතර BJP පක්ෂයට තිබූ සහය අඩුවෙමින් පවතින බව මෙම ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බවයි.

මෙම ව්‍යාපාරය ආරම්භ වී තිබුණේ වෛද්‍ය ප්‍රවේශ විභාගයේ (NEET) ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිද්ධියෙන් පසුවය. එම සිදුවීම හේතුවෙන් මිලියන දෙකකට අධික සිසුන්ට නැවත විභාගයට පෙනී සිටීමට සිදු වූ අතර, එය සිසුන්ගේ මානසික පීඩනය ඉහළ නැංවීම හා සිසුන් කිහිප දෙනෙකුගේ සියදිවි නසාගැනීම්ද මෙම අර්බුදය සමඟ සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මෙම විරෝධතා රැල්ලේ දේශපාලන පීඩනය හේතුවෙන් ඉන්දීය රජයේ අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදුවූ අතර, විභාග ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය පියවර රැසක් ද ප්‍රකාශයට පත් කරන ලදි.

කෙසේ වෙතත්, දේශපාලන විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ අතුරු මැතිවරණ ප්‍රතිඵල පමණක් පදනම් කරගෙන ජාතික මට්ටමේ මැතිවරණ ප්‍රවණතා නිශ්චිතව තීරණය කළ නොහැකි බවයි. එහෙත්, තරුණ ජනතාව අතර පවතින අසතුට BJP පක්ෂයට අනතුරු ඇඟවීමක් බවට මෙම ප්‍රතිඵලය සැලකෙන බව ඔවුන් පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...